May 10, 2024

ජාතික ආණ්ඩුවක් එපා / මැතිවරණයකට යන්න බලකරනවා - ජවිපෙ

February 24, 2015

ජාතික ආණ්‌ඩුවකට සිය පක්‍ෂය එකඟ නොමැති බවත් ලබන අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවා හැර ආණ්‌ඩුව මහ මැතිවරණයට යා යුතු බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 වැනිදා)  පැවසීය.
මහ මැතිවරණයකට නොගොස්‌ එම කාලය දීර්ඝ කර ගැනීමේ ක්‍රියාවලියකට යැම කිසිසේත් අනුමත නොකරන බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
මහ මැතිවරණයකින් අනතුරුව ඒ ඒ පක්‍ෂවලට අවශ්‍ය ලෙස ජාතික ආණ්‌ඩුවක්‌ තනාගත හැකි බවත් සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා ජාතික ආණ්‌ඩුවකට ජනතා විමුක්‌ති පෙරමුණ එක්‌ නොවන බවත් පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)