May 10, 2024

සමෘද්ධි නිලධාරීන්ගේ ඉල්ලීම් ඉටු කරයි

February 24, 2015

ජනවාරි 1 වැනිදා සිට බල පවත්වන පරිදි හිඟ මුදල්ද සමඟ සමෘද්ධි නිලධාරීන් විසින් ඉල්ලා ඇති රුපියල් 300 ක කාර්යාල දීමනාව වහාම ලබා දීමට නිවාස සහ සමෘද්ධි අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට අමතරව ලිපි ද්‍රව්‍ය දීමනාව මසකට රුපියල් 500 ක් දක්වාත් ගමන් වියදම් දීමනාව රුපියල් 500-750 දක්වාත් වැඩි කිරීමට තීරණය වී ඇති අතර එම වැඩිවීම් සමෘද්ධි නිලධාරින් 14159 දෙනෙකුට හිමි වේ.

ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ තීරණයක් මත මෙය ක්‍රියාත්මක වන අතර එම දීමනා ලබා දීමට පියවර ගැනේ.

සමෘද්ධි අරමුදල්වලින් සියයට 2ක් සහන පොලී යටතේණය මුදල් ලබා දීමටත් කටයුතු කරන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 10:24