May 10, 2024

මන්ත්‍රී රත්තරං පළාත් සභාවට කරත්තෙන් යයි

February 24, 2015

තමාගේ පුද්ගලික කැබ් රථය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර (රත්තරං) මහතා අද (24) පෙරවරුවේදී දකුණු පළාත් සභාවට කරත්තෙන් පැමිණ තිබේ.

"අපේ පැත්තේ හිටියනම් ඔය වගේ ගොන් වැඩ කරන්න වෙන්නේ නෑ. ඔය අහිංසක සතා තියලා ඔබතුමාම කරත්තේ ගැටගහගෙන ආවනම් කොච්චර හොඳදැයි" රත්තරන් මන්ත්‍රීවරයා ගොන් කරත්තෙන් සභාවට ඇතුල් වනවිට පළාත් සභා මන්ත්‍රී බන්දුලාල් මන්ත්‍රිවරයා පවසා ඇත.

අලුත්වැඩියාව සඳහා ගරාජයකට භාර දී තිබූ තම පුද්ගලික මෝටර් රථය ජනාධිපති ලේකම් කාර්යාලයේ රථයක් යැයි කියා පොලිසිය විසින් රැගෙන ගොස් ඇතැයි පවසමින් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා මෙලෙස කරත්තෙන් පැමිණ ඇත.

එයත් ජනාධිපති කාර්යාලයේ රථයක් ලෙස හැකිනම් රැගෙන යන්නැයි කියමින් ඔහු තමන් පැමිණ කරත්තය පළාත් සභාව ඉදිරිපිට කණුවක ගැටගසා ඉබ්බෙක් ද දැමා තිබේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 10:16