May 21, 2024

කොටකෙතන ඝාතනයේ විත්තිකරු හඬා වැටේ - නඩුව කල් යයි

February 24, 2015

කොටකෙතන දී මවක් (63) සහ ඇගේ දියණිය (32) නිවෙස තුළ දී කපා කොටා ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින තෙවැනි විත්තිකරු වන ලොකුගම්හේවගේ මිථිල නමැත්තා මහාධිකරණ සාක්ෂි කූඩුවේ සිටිය දී දිගින් දිගටම හඬා වැලපීම නිසා නඩු විභාගය ලබන අප්‍රේල් මස 01 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද  ලිවේරා තෙන්නකෝන් මහත්මිය නියෝග කර තිබේ.

තමන්ට අධිකරණ හමුවේ පැවසිමට ඇති දෙය අධි සංවේදී නොවී පවසන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා කිහිපවරක් ඔහුට දන්වා තිබේ.

එහෙත් විත්තිකරු දිගින් දිගටම හඬා වැලපෙන්නට වූ බැවින් ඔහුට යථා තත්ත්වයට පත්වීම සඳහා කල් ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය මෙලෙස නඩු විභාගය කල් තැබීමට නියෝග කළාය.

Rate this item
(0 votes)