May 21, 2024

රජයේ ‘දින 100’න් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් ලැබේ

February 24, 2015

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් ‘දින 100’ නිම වීමට පෙර ලබාදීමට හැකිවනු ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අවධාරණය කර තිබේ.

තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබාදීමේ ක්‍රමවේදය ලබන සිකුරාදා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රමුඛ මහ බැංකු නිලධාරී හමුවේදී සැකසීම සිදු වනු ඇතැයිද ඇමැතිවරයා විශ්වාසය පළ කරමින් අනාවරණය කර ඇත.

‍ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ සමඟ පැවැති සාකච්ඡාවේදී විශාල පිරිසක් මුදල් ආපසු ලබා ගන්නා ක්‍රමවේදයට එකඟ වූ අතර ඒ පිළිබඳ ඔවුන් සෑහීමකට පත්වී ඇති බවත් වාර්තා වෙයි.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා හා ‍ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ හමුවක් ඊයේ (23) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවති අතර එම හමුවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඇමැතිවරයා,පසුගිය රජයේ ආර්ථික කළමනාකරණ ක්‍රමයේ තිබූ වැරදි සහ අඩු පාඩු හේතුවෙන් මූල්‍ය ආයතන කඩා වැටුණු බව පැවසීය. ඒ නිසා මූල්‍ය ආයතනවල තැන්පත්කරුවෝ අගතියට පත් වූ බවත් ඒ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් හා තැන්පත්කරුවන් හමු වී සකච්ඡා පැවැත් වූ බවත් සඳහන් කරයි.

තැන්පත්කරුවන්ගේ මුදල් නිසි ක්‍රමවේදයක් අනුව ආපසු ගෙවීමට සූදානම් බවත් ඒ අනුව නඩු මගට හෝ උසාවි ක්‍රියාමාර්ග නැතිව ඉතා සුහදව කතාබහ කර මෙම ගැටළුව විසඳා ගන්නා බවත් ඊට මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, එහි නිලධාරීන් සහ සියලු දෙනා පියවර ගනිමින් සිටින බවත් අනාවරණය කර තිබේ.

Rate this item
(0 votes)