May 21, 2024

වයඹ ඇමතිගේ නිවසේ විදුලිය කපයි

February 24, 2015

වයඹ පළාත් ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කළ බව හලාවත ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලය පවසයි.

එලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ එම නිවසේ රුපියල් ලක්ෂ 14ක විදුලි බිල නොගෙවීම නිසා බව වාර්තා වේ. 

නිශාන්ත පෙරේරා මහතා මේ පිළිබඳ කළ විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ ‘ඕක ගණන් ගන්න එපා. බිල නොගෙව්වාම විදුලිය කපනවා නේ.‘ යනුවෙනි.

Rate this item
(0 votes)