May 21, 2024

‘වෙ‍ලේ සුදා’ ව්‍යාජ නම් දෙකකින් භාවිත කළ ගිණුම් 82ක වාර්තා දෙන්නැයි එම බැංකුවලට නියෝග

February 24, 2015

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ‘වෙ‍ලේ සුදා’ නොහොත් සමන්ත කුමාර නමැත්තාගේ නමින් සහ ඔහු විසින් භාවිත කළ අනෙක් නම් දෙකෙන් මෙරට පවත්වාගෙන ගොස් ඇති බැංකු හා මූල්‍යායතන 82 ක ගිණුම් වාර්තා රහස් ‍පොලිසිය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (23) අදාළ ආයතන සාමාන්‍යාධිකාරීවරුන්ට නියෝග නිකුත් කළේය.

ඒ අනුව ගම්‍පොළ විදානගේ සමන්ත කුමාර (ජාතික හැඳුනුම්පත් අංක 770592380ම සහ 770595053ම) මානගොඩ කංකානම්ගේ සමන් ප්‍රදීප් (ජා. හැ. අං. 770596750ම) සහ විජේසිංහ ආරච්චි සුනිමල් සංජීව (ජා. හැ. අං. 770596530ම) යන නම්වලින් අදාළ සැකකරු විසින් පවත්වාගෙන ගොස් ඇති බැංකු හා මූල්‍ය ආයතනවල ගිණුම් වාර්තා ලබාදෙන ලෙස එලෙස නියෝග නිකුත් කර තිබේ.

වාණිජ බැංකු 34 ක සහ මූල්‍යායතන 48 කට අයත් වූ එම ගිණුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේම මෙම සැකකරු සමග ගනුදෙනු කළා යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී රොමෙලෝ දුමින්ද සිල්වා යන අයගේද මෙරට පිහිටි බැංකු හා මූල්‍යායතනවල දත්ත ලබාගැනීමට රහස් ‍පොලිසිය වෙත අධිකරණයෙන් පසුගිය 27 වැනිදා නියෝග නිකුත් වී තිබිණි.

වෙ‍ලේ සුදා නමැත්තාගේ බිරිඳ වූ බෝගහවත්තේ ගයනි ප්‍රියදර්ශනී නමැත්තියගේ මෙරට පිහිටි සියලුම බැංකු ගිණුම් හා මූල්‍යාතනවල දත්තයන් රහස් ‍පොලිසිය වෙත ලබාදෙන ලෙසද මෙහිදී අධිකරණයෙන් නියෝග නිකුත් විය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 12:09