May 21, 2024

ඔස්ට්‍රේලියාවේ පුරවැසි නීති දැඩි කරයි

February 24, 2015

ඔස්ට්‍රේලියාවේ පුරවැසි නීති තර කිරීම සම්බන්ධයෙන් එරට රජය අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා සහය දක්වන පුරවැසියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසා පුරවැසි නීති තර කිරීමට අවධානය යොමු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ද්විත්ව ජාතිකයින්ගේ පුරවැසිභාවය තහනම් කිරීමට හෝ අවලංගු කිරීමට පියවර ගන්නා බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ත්‍රස්ත විරෝධී නීති උල්ලංඝණය කරන ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ද දඬුවම් කිරීමට සිදුවනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා  ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඉස්ලාම් භක්තික අන්තවාදී පිරිස් විසින් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවද එරට බලධාරීන් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)