May 21, 2024

පාරිභෝගික භාණ්ඩ 12කට උපරිම මිලක් 

February 24, 2015

භාණ්ඩ වර්ග 12කට උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට්පත්‍රයක් නිකුත් කර තිබේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20 (ඉ) වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් මෙම ගැසට්පත්‍රය 2015 පෙබරවාරි මස 20 වැනි සිකුරාදා නිකුත් කර ඇත.

ඒ අනුව සුදු සීනි (බහාලුම් රහිත) කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 87ක්ද, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 325ක් ලෙසද, කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක් රුපියල් 810ක්ද, සස්ටජන් ග්‍රෑම් 400 අසුරණය රුපියල් 1500ක්ද මිල නියම කර ඇත. 

මේ අනුව තිරිඟු පිටි (බහාලුම් රහිත) කිලෝවක් රුපියල් 87ක්ද, මුංඇට කිලෝවක් රුපියල් 265ක්ද, ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 385ක්ද, ටින් මාළු ග්‍රෑම් 425ක් රුපියල් 140ක්ද, කොත්තමල්ලි ඇට කිලෝවක් රුපියල් 350ක්ද, උඳු ඇට කිලෝවක් රුපියල් 300ක්ද, උම්බලකඩ කිලෝවක් රුපියල් 1740ක්ද වන අතර කහකුඩු කිලෝවක් රුපියල් 800ක්ද, මිරිස් කුඩු කිලෝවක් රුපියල් 400ක් ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබේ. 

මෙම නියෝගය 2015 පෙබරවාරි මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ජේ. ඩග්ලස් මහතා පැවසීය.

 

 

Rate this item
(0 votes)