May 21, 2024

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව අධ්‍යක්ෂවරුන් පත් කරයි

February 24, 2015

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්), ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව යන ආයතනයන්ට නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ හයදෙනකු පත්කිරීම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු කෙරිණි. 

ඒ අනුව නව පත්වීම් ලැබූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන එමරික් ප්‍රනාන්දු (ලේක්හවුස්), ලක්ෂ්මන් හේවාපන්න (ලේක්හවුස්), සිරිමෙවන් ඩයස් පියසේන (ලේක්හවුස්) රවී ජයවර්ධන (රූපවාහිනි), එම්. ඩී. මහින්දපාල (රූපවාහිනි) මහත්වරු සහ පී.වී.පී. දයාරත්න මහත්මිය පත්වීම් ලිපි ලබා ගත්හ.

Rate this item
(0 votes)