May 21, 2024

ජනපති සහ අගමැති අනුරපුරේ

February 23, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) අනුරාධුපර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.

ජනාධිපති හා අගමැති ප්‍රමුඛ මැති ඇමැතිවරු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි අප වාර්තාකරු පැවසූවේ.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය, කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, සමාජ සේවා අමාත්‍ය පී හැරිසන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම හා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක් විය.

Rate this item
(0 votes)