May 20, 2024

විමල්ගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

February 23, 2015

ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගුවන් බලපත‍්‍රයක් ලබා ගැනීම සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ලබන මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අද (23) පස්වරුවේ ඇය ප්‍රතිකාර ලබමින් සිටි රෝහලට පැමිණීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ලබන 25 වන දා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

උප්පැන්න සහතිකය සහ විදෙස් ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු දක්වනු ලැබීය.

Rate this item
(0 votes)