May 20, 2024

ඹ්ස්ට්‍රේලියා ශ්‍රී ලංකා සබඳතා අභිරහසක් - අගමැති

February 23, 2015

ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන ශ‍්‍රී ලාංකික නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් නතර කිරීම වෙනුවෙන් පසුගිය රජයේ මානව හිමිකම් උල්ලංගණය කිරීම්වලදී  ඕස්ටේ‍්‍රලියානු රජය නිහඬව සිටි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඕස්ටේ‍්‍රලියන් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ප‍්‍රකාශ කර ඇත.

ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබට් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවැති සම්බන්ධය බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ට අභිරහසක් වූ බවයි එහිදී වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ.

එමෙන්ම වත්මන්  ඕස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණික අමාත්‍යවරයා පසුගිය රජයෙන් ලැබුණු ආකාරයේ පිළිගැනීමක් නව රජයෙන් අපේක්ෂා නොකළ යුතු බවත්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පේනවා දෙයි.
හිටපු  ඕස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණික අමාත්‍ය ස්කොට් මොරිසන් ශ‍්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් මුණ ගැසීම ප‍්‍රතික්ෂේප කිරීම රාජ්‍ය තාන්ත‍්‍රික කි‍්‍රයාදාමයන්ට පටහැනි බවත්  ඕස්ටේ‍්‍රලියානු රජය, මහින්ද රාජපක්ෂ රජයට සහාය දැක්වීම හේතුවෙන් තමා  ඕස්ටේ‍්‍රලියානු විරෝධියෙකු නොවන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර තිබේ.

මේ අතර ඕස්ට්‍රේලියාවේ පුරවැසි නීති තර කිරීම සම්බන්ධයෙන් එරට රජය අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා සහය දක්වන පුරවැසියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසා පුරවැසි නීති තර කිරීමට අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ද්විත්ව ජාතිකයින්ගේ පුරවැසිභාවය තහනම් කිරීමට හෝ අවලංගු කිරීමට පියවර ගන්නා බවද පෙන්වා දෙයි.

.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 20:42