May 20, 2024

රු.ලක්ෂ 03 කට ද්විත්ව පුරවැසිභාවය දීමට යෝජනා වේ

February 23, 2015

ඉදිරියේදී ද්විත්ව පුරුවැසිභාවය ලබා ගැනීම සඳහා පවුලක සිටින ප්‍රධාන පුද්ගලයාට ලක්ෂ තුනක පමණ මුදලක් මෙන්ම පවුලේ අනෙකුත් සෙසු සාමාජිකයින් සඳහා රුපියල් පනස් දහසක පමණ මුදලක් අය කිරීමට යෝජනාවක් පවතින බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසා තිබේ.

පසුගිය ආණ්ඩුව සමයේදී පුද්ගලයින් 2000 ට පමණ   නීති විරෝධී  අයුරින් ද්විත්ව  පුරවැසිභාවය ලබා දී ඇති බවත් එහිදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලද්දේ ආරක්ෂක අමාත්‍යංශය  බවත්, එහි  අතිරේක ලේකම්වරු සහ ලේකම්ධූර දැරූ පුද්ගලයින් ද්විත්ව පුරවැසිභාවයන් මුදල් මත පදනම්ව ලබා දී ඇති බවට සිතිය හැකි බවත් මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජොන් අමරතුංග මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)