May 20, 2024

ශෂී වීරවංශ ගේ ලිපිගොණු දෙකම අතුරුදහන් වෙලා

February 23, 2015

විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ ජාතික හැඳුනුම්පත් දෙකක් ලබාගැනීම සඳහා ඉදිරිපත්කළ ලියකියවිලි ඇතුළත් ලිපි ගොනු දෙකම අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.

මෙම ලිපි ගොණු දෙක පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්වී ඇතැයි ඒෂියන් මිරර් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණයක් අරඹා නොමැති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් අරඹන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කෙසේවෙතත් ශෂී වීරවංශ මහත්මියගේ ගුවන් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා එය බාධාවක් නොවෙනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 19:36