May 20, 2024

‘ජනපති ගැන ජනතාවට විශාල බලාපොරොත්තු තිබුණා‘ - මරික්කාර්

February 23, 2015

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවපු ජනතාව තුළ විශාල බලාපොරොත්තු ප‍්‍රමාණයක් තිබූ බව කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

"බඩු මිල අඩු කරලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න, හොරකම වංචාව දූෂණය නතර කරන්න, හොරුන්ට දඬුවම් දෙන්න බලාපොරොත්තු තිබ්බා. ඒ වාගේම මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ සිදුවෙච්ච බලහත්කාරකම්, මිනීමැරුම්, සම්බන්ධව ජනතාවගේ ලොකු කළකිරීමක් තිබ්බා. ඒ වාගේම ලොකු විරෝධයක් තිබ්බා"  බව 

"රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා දරුවෝ වඩා ගත්තේ නැති වුණාට කිරිපිටි මිල රු.60කින් අඩු කර දරුවන්ට කිරි බොන්න පුළුවන් තත්ත්වයක් ඇති කරා, ජනතාවගේ පිටට තට්ටු කරලා බොරුවට හිනා නොවුණාට ගෑස්මිල රු.300කින් අඩු කරලා, ඞීසල් පෙට්‍රල් මිල අඩු කරලා, ප‍්‍රවාහන ගාස්තු අඩු කරලා, පාන් මිල අඩු කරලා, බඩුමිල අඩු කරලා, ජනතාවට ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ සහන ඉතාම ඉක්මනින් ලබා දීලා තියෙනවා. ලබන අවුරුද්දේ දී තවත් සහන දෙයි." යැයි ඔහු පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 17:53