May 20, 2024

විමල් වීරවංශගේ වයසත් වසර 5කින් අඩු කරලා 

February 23, 2015

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද, ඔහුගේ උපන් දිනය වෙනස් කර ඇතැයි රහස් පොලීසිය අද (23) අධිකරණයට දැන්වීය.

හිටපු අමාත්‍යවරයා 1965.03.07 දා උපත ලබා ඇති අතර පසුව එය 1970.03.07 ලෙස අවුරුදු පහකින් වෙනස් කර තිබේ. 

එසේම ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියද අවුරුදු හතරකින් ඇගේ වයස අඩුකර තිබේ. ඇය 1967.02.01 වැනිදා උපත ලබා තිබෙන අතර පසුව එය 1971.02.03 වශයෙන් වෙනස් කර තිබේ. 

ඔවුන් මෙලෙස උපන් දින වෙනස් කර ඇත්තේ දරුවන්ගේ උප්පැන්නවලට යෙදීමට බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

විමල් වීරවංශ මහතාගේ බිරිය සිර්ජා උදයංගනී නමින් ලබා ගත් ජාතික හැඳුනුම්පතේ අංකය 675320233 ලෙස සඳහන් කර ඇත. සෙහාෂා උදයංගනී නමින් ඇය ලබා ගත් ජාතික හැදුනුම්පතේ අංකය 715344696 වෙයි.

මේ අනුව විමල් වීරවංශ මහතාගේ අවුරුදු පහකින් ද, ඔහුගේ බිරිඳගේ  ඔවුන්ගේ වයස අවුරුදු අවුරුදු හතරකින් ද උපන්දින වෙනස් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

 

Rate this item
(0 votes)