May 20, 2024

ගංවතුර ආධාර දෙන්න ජනපති පොළොන්නරුවට 

February 23, 2015

2014 දෙසැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ හානියට ලක්වූ නිවාස සඳහා ආධාර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී සිදු විය. 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මෙම ආධාර බෙදාදීම සිදුවූ අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 35 කි.

අමාත්‍ය ජොන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් ද, මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන්, පොළොන්රුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද මීට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 15:38