May 21, 2024

‘නෝනට එක පැමිණිල්ලක් මට එක පැමිණිල්ලක්‘ - විමල් වීරවංශ හෙළි කරයි  (VIDEO)

නිදහස් දිනයේදී කළු කොටින්ට නිදහස ලැබෙන, කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය ගත්, ඒ වෙනුවෙන් කැපවූ අයට සහ ඔවුන්ගේ පවුල්වලට හිරගෙවල් ලැබෙන යුගයක් ඇති වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(23) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

2011 වසරේදී සිද්ධියකට අදාලව කරන ලද පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබා දීම සඳහා පැමිණි බව ද විමල් වීරවංශ මහතා පැවසී ය.

“2011 වසරේ මැතිවරණ සමයකදී පෙළපාළියක් ගියා කියමින් ඒ ගැන ප්‍රශ්න කළා. ඉදිරියටත් එන්න කියන්න ඉඩ තියෙනවා. ඒ වගේම දරුවන්ට විරුද්ධවත් ඉදිරියේදී පැමිණිලි කරන්න ඉඩ තියෙනවා. 18 වැනිදා නුගේගොඩ රැලියෙන් පස්සෙ යහපාලන බලධාරීන් බොහෝ විස්සෝපයට පත්වෙලා. එතුමන්ලාගේ හෘද ස්පන්දන වේගය වැඩිවෙන තරමට අප මේවාට කැඳවන ප්‍රමාණයත් වැඩිවෙන්න පුළුවන්” යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

නීතිඥ කපිල ගමගේ මහතාද වීරවංශ මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබිණි.

මෙහිදී ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද විමල් වීරවංශ මහතා අදහස් පළ කළේ ය.

කෙසේ වෙතත් කඩුවෙල නගර සභාවේ නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනූව මෙලෙස ප්‍රශ්න කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

2011 වසරේදී සංවිධානය කර තිබූ පෙළපාලියකට අදාළව මෙම ප්‍රශ්න කිරීම් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 07:49