May 21, 2024

මුතුහෙට්ටිගමට මාසයකට රට යන්න අවසර

February 23, 2015

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මාසයක කාලයක් මුදා හැරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබේ.

ගාල්ල, වඳුරඹ කඩ දෙකකට ගිනි තැබීම හා පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙනයාමට අදාළ නඩුව අද විභාගයට ගත් ‍අවස්ථාවේදී අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කරන ඇත.

එම නඩුව ලබන මස 23 වැනිදා ට කල්ගිය අතර, තමාට සිංගප්පූරුවට යාමට අවශ්‍ය නිසා විදේශ ගමන් බලපත්‍රය ලබාදෙන ලෙස මුතුහෙට්ටිගම මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ අනූව ඔහුගේ විදේශ ගමන්බලපත්‍රය මාසයක කාලයකට මුදහැරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර ඇත.

Rate this item
(0 votes)