May 21, 2024

ශෂී වීරවංශගේ අසනීපය ගැන වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට රහස් පොලීසිය අවසර ඉල්ලයි

February 23, 2015

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී අත්අඩංගුවට ගත් බව අද (23) අධිකරණයේදී රහස් පොලීසිය ප්‍රකාශ කළේය.     

ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු තත්ත්වයක සිටීදැයි අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පරීක්ෂණයක් කිරීමට අවසර දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් අවසර ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඇය අත්අඩංගුවට ගෙන 24 පැයක් ගත වී නැති හෙයින් අධිකරණ වෛද්‍ය නිලධරයකු ලවා පරීක්ෂණයක් අවශ්‍ය නම් රහස් පොලිසියට එය කළ හැකි බවයි.

Rate this item
(0 votes)