May 21, 2024

විමල් නීතීඥවරුන් සමඟ රහස් පොලීසියේ 

February 23, 2015

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (22) පෙරවරු 10.05ට නීතීඥවරුන් දෙදෙනකු ද සමඟ රහස් පොලිසියට පැමිණි බව වාර්තා වේ.

විමල් වීරවංශ මහතාගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටින බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

රහස් පොලීසිය විසින් කරන ලද දැනුම්දීමක් අනූව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ එහි ගොස් ඇති අතර මේවන විට ඔහුගෙන් ප්‍රශ්න කරන බව දැනගන්නට ඇති බවත්, එහෙත් එසේ ප්‍රශ්න කරන්නේ ශෂී වීරවංශ මහත්මියගේ විදේශ ගමන්බලපත්‍ර සම්බන්ධ ගැටලුවදැයි නොදන්නා බවත්  එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් ප‍්‍රකාශක කාර්යාලය පැවසූවේ මෙම කැඳවීම කුමක් සඳහා කරන ලද්දක් දැයි කිව නොහැකි බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 12:35