May 21, 2024

2018 දී මන්නාරමෙන් ගෑස් ගන්න පුළුවන් - චම්පික 

February 23, 2015

ඛනිජ තෙල් ගවේෂණය සඳහා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ස්ථාන 20 ක් හඳුනාගෙන ඇති බවත් එහි කැණීම් කටයුතු පිළිගත් හා තරගකාරී පිළිවෙතක් යටතේ ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පසුගිය රාජ්‍ය සමයේ මෙන් විවිධ රටවලට පංගුපේරුවට තෙල් ළිං භූමි ස්ථාන ලබාදීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මන්නාරම් ද්‍රෝණියේ ඩොරුඩෝ නම් ළිඳේ ගෑස් හමුවී ඇති බවත් ඒවා තව වසර දෙකකින් එනම් 2018 වනවිට වාණිජ කටයුතු සඳහා ලබාගැනීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)