May 20, 2024

‘මුද්‍රිත මාධ්‍ය අයිතිකරුවන් හා කතෘවරුන් ලබන සතියේ කැඳවනවා‘ - අගමැති

ඇතැම් මුද්‍රිත මාධ්‍ය ජාතිවාදය ඇවිස්සීමේ උත්සාහයක යෙදෙන බවත් ඒ හේතුවෙන් ලබන සතියේ මුද්‍රිත මාධ්‍ය අයිතිකරුවන් හා කතෘවරුන් කැඳවන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසයි. 

අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ කුරුණෑගල - බෝයගනේ ප‍්‍රදේශයේ ඊයේ (22) පැවති ජන හමුවකට එක්වෙමිනි.

ඇතැම් සිංහල මුද්‍රිත මාධ්‍ය කිහිපයක්  ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවත් ඊට පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බවත් අගමැතිවරයා සඳහන් කළේය. 

එම ආයතනවල සිටින ඇතැම් මාධ්‍යවේදීන් එක්නැලිගොඩ අතුරුදන්වූ අවස්ථාවේදී සතුටු වී ඇති බවත් අවුරුදු 10 ක් පුරා තම චරිතය විනාශ කිරීමටද ඔවුන් කටයුතු කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් ඔවුන් වරප‍්‍රසාදද ලබාගෙන ඇති බවත් ජාතිවාදය ඇවිස්සීමේ ක‍්‍රියාවලිය නතර නොකළහොත් මුද්‍රිත මාධ්‍යවල අයිතිකරුවන් කැඳවා උපදෙස් ලබාදීමටද සිදුවනු ඇති බවත් අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)