May 21, 2024

විමල්ට රහස් පොලීසියෙන් කැදවීමක්

February 23, 2015

විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (23) කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දන්වා තිබේ.  

ඒ අනුව අද පෙරවරු 10.00ට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ මෙම ප්‍රකාශය ලබාදෙන්නැයි දන්වා ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

2010 වසරේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් දැනගැනීමට අවශ්‍ය බැවින් විමල් වීරවංශ මහතාට පැමිණෙන්නැයි දන්වා තිබූ බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)