May 21, 2024

අතරමැදි පන්තිවලට සිසුන් ගන්න බෑ - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍ර‍ලේඛයක්

February 23, 2015

දැනට පවතින චක්‍ර‍ලේඛවලට පරිබාහිරව අතරමැදි පන්ති සඳහා කිසිදු ආකාරයකින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම තහනම් කෙරෙන චක්‍ර‍ලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

යළි දැනුම් දෙනතුරු මෙම චක්‍ර‍ලේඛය බලාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍ර‍ලේඛයට අනුව එම ශ්‍රේණියටත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මත හය ශ්‍රේණියටත් අ‍පොස සා.පෙළ ප්‍රතිඵල මත 12වන ශ්‍රේණියටත් සිසුන් බඳවා ගැනීමට නීත්‍යනුකූල හිමිකම් ලැබේ.

ඊට අමතරව අතරමැදි පන්තියකට සිසුන් ඇතුළත් කිරීම මෙම නව චක්‍ර‍ලේඛය මගින් තහනම් කර තිබේ.

එමෙන්ම මින් පරිබාහිරව සිසුන් ඇතුළත් කිරීමට අදාළ විශේෂ අවශ්‍යතාවකදී ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට එම කාරණය ඉදිරිපත් කොට අමාත්‍යාංශ ‍ලේකම්ගේ අනුමැතිය යටතේ සිසුන් බඳවාගත යුතු බවද එම චක්‍ර‍ලේඛයේ දැක්වේ.

මෙම චක්‍ර‍ලේඛය පසුගිය සිකුරාදා අධ්‍යාපන අමාත්‍යාංශ ‍ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

 

Rate this item
(0 votes)