May 21, 2024

ඇමති විජේදාස බ්‍රිතාන්‍යයට

February 23, 2015

මැග්නා කාර්ටා ගිවිසුමට වසර 800ක් පිරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර නීති සමුළුව නියෝජනය කිරීම සඳහා අධිකරණ හා කම්කරු අමාත්‍ය අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (22) දිවයිනෙන් පිටත්ව ගියේය.

එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර වාදය ක්‍රියාත්මක කරන ලෝකයේ රටවල් රාශියකගේ සහභාගිත්වයෙන් ඊයේ (22) සිට 25 වැනි දින දක්වා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර නීති සමුළුවේ සමාරම්භක උළෙල බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම සමුළුව නියෝජනය කිරිම සඳහා අධිකරණ අමාත්‍යවරුන්, නීතිපතිවරුන්, විනිශ්යකාරවරුන්, නීති විශාරදයින්, නීති වෘත්තිකයින් , නීති අධ්‍යාපනඥයන් හා ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික විශේෂඥයන් ඇතුළු පිරිසක් සහභාගිවන අතර මෙහිදී තිරසර සංවර්ධනය, නීති මූලධර්ම, ජාත්‍යන්තර ආර්ථික නීති රෙගුලාසි, ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් හා නූතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සාකච්ඡා කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. 

මහා බ්‍රිතාන්‍ය අධිකරණ අමත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගිවන අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙම සමුළුව පැවැත්වෙන කාල පරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශයේ උසස් නිලධාරින් හමුවී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ නව රජය නීතියේ ආධිපත්‍ය හා යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ගෙන ඇති වැඩපිළිළ පිළිබඳව ද පැහැදිලි කිරීමට නියමිතය. 

මෙම ජාත්‍යන්තර නිති සමුළුව නියෝජනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා සමඟ නීතිපති යුවන්ජන විජේතිලක මහතා ද සහභාගිවන බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)