May 20, 2024

ජාතික ආණ්ඩුවකට නිදහස් පක්ෂයේ එකඟතාවයක් 

February 23, 2015

ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට වැඩකටයුතු කිරීමට ශ්‍රී ලංකා පක්ෂය එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා කටුනායකදී පැවැත් වූ දෙදින වැඩමුළුවේදී මෙම එකඟතාවට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමේදී තම පක්ෂයට කොන්දේසි ඇති බවත් ඒවා එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සමග සාකච්ඡා කිරීමට පක්ෂ නායකත්වය වෙත භාර දෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කර ඉදිරියට යා යුතු බවට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟත්වය පළ වී තිබේ.

එමෙන් ම මැතිවරණ ක්‍රමයේ සංශෝධනයකින් තොරව මැතිවරණ පැවැත්වීම සුදුසු නොවන බවටත් 17 වන සංශෝධනයේ වෙනසක් අවශ්‍ය නොවන බවටත් එකඟත්වය පළ වී ඇත.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මග‘ නම් වූ මෙම දෙදින වැඩමුළුව සඳහා එම පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී විය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 13:33