May 20, 2024

එන ඡන්දෙන් එජාපයට ජය ගන්න සන්ධානෙට ලණුවක් - උදය

February 22, 2015

ඉදිරි මැතිවණයට සුදානම් විය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් කරන්දෙණියේදී පැවැත් විය.

ඔහු එහිදී පැවසුවේ, මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවය.

එහිදී ආණ්ඩු විරෝධී ඡන්දේ දෙකට බෙදෙන බව පවසන පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ ඒ අනුව නැවතත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවය. ඒ නිසාවෙන් ඉදිරි මැතිවරණය ජය නොගත හොත් සන්ධානය වසර 20 ක් විපක්ෂයේ සිටීමට සූදානම් විය යුතු බවත් හෙතෙම පැවසීය.

“මේක ලණුවක්. සන්ධානය දුර්වල කරන ලණුවක්. ඒ ලණුව කන්න එපා කියලා අපි සන්ධානේ නායකයින්ට කියනවා.මං අද රහසක් කියන්නම්.මහින්ද රාජපක්ෂ මැතිතුමා නුගේගොඩට එන්න නෙවෙයි හිටියේ. එතුමා එතන ප්‍රකාශයක් කරන්න නෙවෙයි හිටියේ. මේ සෙනඟ දැක්කම එතුමාට හිතුනා පණිවිඩයක් එවන්න. ජනතාව කැමති වුණාට මහින්ද මහත්තයා කැමති වුණාට බෑ.. සන්ධානේ නායකයෝ කැමති වෙන්න ඕනේ. අපි ඒ නිසා තමයි සන්ධානේ නායකයින්ට පෙන්නුවේ මෙන්න ජනතා අභිලාසය කියලා ”.යනුවෙන්ද පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 February 2015 20:32