May 20, 2024

විමල් වීරවංශගේ බිරිඳ අත්අඩංගුවට

February 22, 2015

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් අවිධිමත් ලෙස සැකසීම හේතුවෙන් මෙලෙස ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.  

විදෙස් ගමන් බලපත්‍රයක ඇතුලත් වූ තොරතුරු සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් නිසා විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ හට පසුගියදා චෝදනා එල්ලවී තිබිණි. 

මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද පසුගියදා නුගේගොඩදී පැවති ජන රැළිය අමතමින් සිටියදී කියා සිටියේ  ‘‘මගේ හාමිනේ අද ගන්නවා හෙට ගන්නවා කියනවා, මොකෙක්වත් එන්නේ නෑනේ කට උත්තරයක් ගන්න‘‘.

නමුත් පසුව ඇය රෝහල් ගතවී සිටින බවත් විවිධ මාධ්‍ය ඔස්සේ ඇය නිවසින් පලාගොස් ඇති බවටත්, ඇය සැඟවී සිටින බවටත් පවසන කතා අසත්‍ය ඒවා බවට ශෂී වීරවංශ මහත්මිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 10:04