May 20, 2024

යෝෂිත හිටපු ජනපතිගේ අරක්ෂක භටයෙකු ලෙස සේවය ඉල්ලයි

February 22, 2015

හිටපු ජනාධිපතිගේ ආරක්ෂක අංශයේ භටයකු ලෙස තමා පත් කරන ලෙස නාවික හමුදා නිලධාරියෙකු වන යෝෂිත රාජපක්ෂ ජනාධිපති සහ අගමැතිගෙන් ඉල්ලීමක් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසා තිබේ.

හිටපු ජනාධිපති ගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව නාවික හමුදාපති සමග එක්ව පරීක්ෂණයක් පවත්වන බවද සඳහන් කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මේ බව පවසා ඇත.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර යෝෂිත රාජපක්ෂ එම පරීක්ෂණයට ඉදිරිපත් නොවී රට යෑම පිළිබඳ සහ ඊට අවසර දීම ගැන ද ජවිපෙ නොසතුට පළ කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 February 2015 19:51