May 20, 2024

රජයට හිතවාදී බව කියමින් TNA යට උතුරේ විරෝධය

February 22, 2015

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව මාර්තු මාසයේ දී ඉදිරිපත් නොකර සැප්තැම්බර් දක්වා කල් දැමීම ගැන විරෝධය පල කරමින් උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානය යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඊයේ (21) උද්ඝෝෂණයක් කළහ.

සම්බන්දන් හා සුමන්තිරන් යන දෙදෙනා රජයට හිතවත්කම් දැක්වීම නිසා දෙමළ ජනතා අයිතිවාසිකම් දිනා ගැනීමට නොහැකි වී ඇති බවත්, උතුරේ අතුරුදන් වූවන් හා යුද අපරාධ සෙවීමටත් යුද සිරකරුවන් මුදා ගැනීමටත් දෙමළ ජාතික සංධානය කටයුතු කරන්නේ අලස හා මන්දගාමී පිළිවෙතකින් බවත් ඔවුන්ගේ චෝදනා වෙයි.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අනුරුවක් ආකාරයෙන් සැකසූ  පඹයෙකුට ගිනි තැබීමටද උද්ඝෝෂකයින් කටයුතු කළහ.

Rate this item
(0 votes)