May 20, 2024

හිටපු ජනපති මහින්දට ‘ලංගම’ නඩු දමන්න යයි

February 22, 2015

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනපතිවරණය සඳහා ලබාගත් ලංගම බස්රථ වෙනුවෙන්  ලංගමට රුපියල් ලක්ෂ 1425 ක් ගෙවිය යුතුව ඇති බව අනාවරණය වී ඇතැයි විශය බාර ඇමතිවරයා පැවසීය.

එම මුදල ගෙවන ලෙසට ලිඛිතව හිටපු ජනපතිවරයාට දැනුම් දී තිබෙන බවත් එය නොගෙවන්නේ නම් එම මුදල ලබා ගැනිමට නීති මාර්ගයට යන බවත් අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා බදුල්ලේදී පැවසිය.

බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, මහියංගනය හා ගිරාඳුරුකෝට්ට යන ලංගම ඩිපෝ සදහා නව බස් රථ 49 ක් ලබාදීමේ උත්සවයට  බදුල්ල මධ්‍යම බස් නැවතුම්පළේදී එක්වෙමින් හෙතෙම මේ බව ඊයේ (21දා) පැවැසීය.

 

Rate this item
(0 votes)