May 20, 2024

නැගෙනහිර මහ ඇමති සියලු ඇමතිකමුත් පවරගෙන

February 22, 2015

නැගෙනහිර මහ ඇමැති ධුරය අහමඩ් නසීර් මහතාට පවරා දෙසතියක් ගත වීමෙන් පසුව ද සියලුම ඇමැති පදවි ඔහුම පවරාගෙන ඇතැයි නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරු දෙදෙනෙක් සහ මන්ත්‍රීවරයෙක් චෝදනා කර ඇත.

මහඇමැතිවරයා ඉදිරි පැය 72 දී පැහැදිලි තීරණයක් නොගතහොත් පළාත් සභාව සම්බන්ධ තීරණාත්මක තීරණයක් ගැනීමට සිදුවෙතැයි ද එම තිදෙනා පවසති.

හිටපු ඉඩම් ඇමැති විමලවීර දිසානායක, හිටපු මහාමාර්ග ඇමැති උදුමා ලෙබ්බේ හා පළාත් මන්ත්‍රී ඩබ්ලිව් ඩී සිරිසේන මහත්වරු නව මහ ඇමැතිට විරුද්ධව මෙම අදහස් දැක්වූයේ අම්පාරේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

Rate this item
(0 votes)