May 17, 2024

අරක්කු නිෂ්පාදන ආයතනයට චෝදනා පත්‍රයක් භාර දෙයි

February 16, 2015

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වයඹ අරක්කු නිෂ්පාදන ආයතනයට අයත් බලපත්‍ර තුනක් අත්හිටුවා ඇති අතර එම ආයතනයට චෝදනා 11ක් යටතේ දින 14ක් ඇතුළත පිළිතුරු සපයන ලෙස දන්වමින් චෝදනා පත්‍රයක් භාර දී තිබේ.

එම ආයතනයට අයත් වයඹ ඩිස්ට්‍රලිස් මත්පැන් නිෂ්පාදනාගාරය තොග වෙළෙඳ ගබඩාව සහ යාපනයේ අරාලි පිහිටි තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ බලපත් තුනම අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසී ය.

පසුගිය 10 වැනි දින අදාළ ආයතනයට භාර දුන් චෝදනා පත්‍රයට පිළිතුරු ලබන 24 වැනි දින නොලැබුණහොත් එම චෝදනාවලට පිළිතුරු සැපැයීමට අපොහොසත් වීම මත සුරාබදු ආඥා පනත යටතේ නීතිමය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

එම ආයතනයට ඉදිරිපත් කළ චෝදනා අතර අනුමත ප්‍රමාණයට වඩා මත්පැන් ළඟ තබා ගැනීම, අනවසරයෙන් මත්පැන් ගබඩා කිරීම, ගිණුම් පොත්වලට සහ බලපත්‍රයට අදාළ නොවන මත්පැන් ළඟ තබා ගැනීමද වන බව ප්‍රභාත් ජයවික්‍රම මහතා පෙන්වා දුන්නේය.

මීට පෙර එම ආයතනය හිඟ බදු ගෙවීම වාරික වශයෙන් ගෙවමින් සිට පසුගිය වසරේ ජුනි මාසයේ සිට එම ගෙවීම් නතර කර තිබීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)