May 17, 2024

'මානව හිමිකම් වාර්තාව නියමිත දිනට නිකුත් කරන්න' - ආර් සම්බන්ධන් 

February 16, 2015

ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන වාර්තාව, ප්‍රමාදයකින් තොරව මින් පෙර තීරණය වූ පරිදි ලබන මස නිකුත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.

එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් සමඟ පසුගිය කාලයේ පැවැත්වූ සාකච්ඡාවල දී එම වාර්තාව නියමිත පරිදි නිකුත් කළ යුතු බව තමන් ඔවුන්ට පැහැදිලි කළ බවත් ඔහු අවධාරණය කළේය.

2014 දී සම්මත කර ගත් තීරණයක් අනුව ආරම්භ කළ විමර්ශන කටයුතු අවසන් වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත් සත්‍ය තොරතුරු ඇතුළත් අපක්ෂපාතී හා සාධාරණ වාර්තාවක් නිකුත් කරන බව එම නිලධාරීන් තමන්ට පැවසූ බවත් ආර් සම්බන්ධන් මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර සහය ඇතිව විශ්වාසවන්ත අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට රජය ප්‍රකාශ කොට තිබෙන බවත් ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු විය යුතු බවත් එම කරුණ සම්බන්ධව විදේශ ඇමති මංගල සමරවීර මහතා උත්සාහයක නිරතව සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාව දිගු කලක සිට මුහුණ දෙන දුක් පීඩා නිමාවකට ගෙන ඒම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා රටේ ජනතාව අතර සැබෑ අවබෝධයක් සහ සමානාත්මතාව පදනම්වූ සාමය සහ සංහිඳියාව ඇති විය යුතු බවත් ඔහු පැවසී ය.

(බීබීසි)

Rate this item
(0 votes)
Last modified on Monday, 16 February 2015 12:30