May 18, 2024

ඉදිරි මහ මැතිවරණය මනාප ක්‍රමයට 

February 16, 2015

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ.

වත්මන් පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් මාසයේදී විසුරුවා හැරීමට රජය තීරණය කර ඇති අතර මේ නිසා නව මැතිවරණ ක්‍රමයකට සූදානම්වීමට කාලය ප්‍රමාණවත් නොවන බව රජය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මැතිවරණ ක්‍රමය සංශෝධනයට අවශ්‍ය නීති රීති අප්‍රේල් මාසයට පෙර අවසන් කරන බවද රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ආණ්‌ඩුව නව මැතිවරණ ක්‍රමයක්‌ සම්මත කළහොත් මාස දෙකහමාරක්‌ ඇතුළත ඒ අනුව ඡන්ද විමසීම සිදුකිරීමට හැකි බවයි.

Rate this item
(0 votes)