May 17, 2024

ආරුගම්බේ තිබූ මාළිගයක් ගැන අගමැති හෙළි කරයි

February 15, 2015

ආරුගම්බේ ඉදිකර තිබූ මන්දිරයක් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ගාල්ලේ පැවති ජන හමුවකදී තොරතුරු හෙළි කළේය.

ඒ පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේ එකක් බවයි අග්‍රාමාත්‍යවරයාගේ හෙළි කිරීමෙන් පැහැදිළි වුයේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසූවේ “අපි ඊයේ පෙරේදා අලුත් මාලිගාවක් සොයා ගත්තා. ඒක බකිම්හැම් මාළිගයටත් වඩා ලොකු එක්ක.ඒකට මාළිගාවක් කියන්නත් බැහැ.. නමකුත් දීලා තියෙනවා. ඒකේ නම ඉන්ටර්නැෂනල් කෝඩිනේෂන් හෙඩ්ක්වාටස්. නිවාඩු නිකේතන 57 ක් තිබුනා. විත් පූල්ස් (පිහිනුම් තටාකාංගන සමගින්) මේකට පාර්ලිමේන්තුව අනුමැතිය දීලා නැහැ. නීතියත් උල්ලංගනය කරලා.. මුදල් රෙගුලාසිත් උල්ලංගනය කරලා. ඉතින් කවුද මේකට ගෙවුවේ.. ගෙවන එක අඩු කරා නම් තෙල් මිල අඩු කරන්න පුළුවන්”. යනුවෙනි.

Rate this item
(0 votes)