May 08, 2024

ඝාතකයා වෙඩි පහරින් මරු දකී

2014 පෙබරවාරි 13 වැනි දා රත්නපුර, මලන්ගම දී නැඳුරන ආරචිචිගේ සුමිත් ගුණසේකර නමැති මැණික් ව්‍යාපාරිකයෙකු ඔහුගේ බිරිඳ සහ දරුවන් සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිය නිවසට ඇතුළුවන අවස්ථාවේ දී නිවසේ ගේට්ටුව අසල දී වෙඩි තබා ඝාතනය කරන ලදී.

 

එම ඝාතනය සඳහා මෝටර් රථයකින් පිරිසක් පැමිණි බවට තොරතුරු අණාවරනය වූ අතර මරණකරුගේ බිරිඳගේ ප‍්‍රකාශය අනුව රුපියල් ලක්ෂ 80 ක් වටිනා මැණික්, රුපියල් 40,000 ක මුදලක් සහ රුපියල් 80,000 ක් වටිනා මාලයක් කොල්ලකාගෙන ගොස් තිබුණි.  

එම සිද්ධිය සමිබන්ධයෙන් විමර්ශන පැවැත් වූ රත්නපුර පොලිසිය සාක්ෂි මගින් මීට සමිබන්ධ සැකකරුවන් අනාවරණය කර ගත් අතර ඊයේ රාති‍්‍ර 11.30 ට පමණ හික්කඩුව පොලිස් වසමේ තොටගමුව ප‍්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය සමග කළ මෙහෙයුමකින් එම මනුෂ්‍ය ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවන 32 හැවිරිදි ඒජී සුගත් චාමින්ද නොහොත් පාලංකඩ හීං මල්ලී නොහොත් පාලංකඩ හීනා කිරින්දගෙදර, පාලංකඩ, මුල්කිරිගල පුද්ගලයා අත්අඩංගුවට ගැණිනි.

එමෙන් ම එම සිද්ධියට සමිබන්ධ තවත් සැකකරුවෙකුවන 24 හැවිරිදි නැඳුන්ගොඩගේ නාමල් සමන් කුමාර මිහිඳුපුර සෙවණගල යන පුද්ගලයා ද හික්කඩුවේ දී අත්අඩංගුවට ගත් අතර එම අපරාධකරුවන්ට නවාතැන් සැපයූ 35 හැවිරිදි කාන්තාවක් ද 37 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගනු ලැබී ය.

අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු සුගත් චාමින්දගේ ප‍්‍රකාශයක් අද දින උදෑසන රත්නපුර පොලිස් ස්ථානයේ දී සටහන් කළ අතර මරණකරුවන සුමිත් ගුණසේකරට වෙඩි තැබූ ගිණි අවිය රත්නපුර මහවලවත්ත ප‍්‍රදේශයේ කැලයක සඟවා ඇති බවට කරන ලද ප‍්‍රකාශය අනුව රත්නපුර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පෙලිස් පරික්ෂක අමරසිරි ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සැකකරු ද රැගෙන අදාල අවිය සොයා ගැනීමට මහවලවත්ත ප‍්‍රදේශයට ගොස් ඇති අතර එහි දී සැකකරු එක්වර ම එම කැලෑ ප‍්‍රදේශයේ සඟවා තිබූ ග්‍රෙනේඩි වර්ගයේ බෝම්බයක් ගෙන පොලිස් නිලධාරින්ට ප‍්‍රහාරයක් එල්ල කිරිමට ගිය අවස්ථාවේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් පොලිස් පරික්ෂක අමරසිරි සැකකරුට වෙඩි තැබිමක් සිදු කර ඇත.

එම තූවාල සහිත ව සැකකරු රත්නපුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සැකකරු මරණයට පත් ව ඇති බව වෛද්‍යවරු  ප‍්‍රකාශ කර තිබේ. 

එම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර සහකාර පොලිස් අධිකාරි බීඑන්ආර් සේනසිංහ විමර්ශන ආරම්භ කර ඇත.

රත්නපුර මහේස්ත‍්‍රාත්වරයා විසින් මහේස්ත‍්‍රාත් පරික්‍ෂණය පැවැත්විමට ද ඉන් පසු අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරික්‍ෂණය පැවැත්විමට නියමිතයි 

තව ද එම සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් රැසකට සමිබන්ධ වී ඇති අතර ඒ පිළිබඳ විස්තර පහත පරිදි වේ. 

01) විරකැටියේ දී 2002.11.06 දින රාත‍්‍රී කාලයේ නිවසකට ඇතුළු වී අවි පෙන්වා බිය ගන්වා රන්භාණ්ඩ සහ මුදල් කොල්ල කෑම. 

02) විරකැටියේ දී 2004.08.10 දින අමරසිංහගේ ධර්මදාස යන අයට ස්වයංක‍්‍රීය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.  

03) බෙලිඅත්තේ දී 2004.08.13 දින රාත‍්‍රී කාලයේ අවමංගල්‍ය නිවසකට ඇතළු වී ස්වයංක‍්‍රීය ගිණි අවිවලින් වෙඩි තබා පුද්ගලයන් හතර දෙනෙකු ඝාතනය කිරීම. 

04) නිවිතිගල පොලිස් වසමේ දී සිදු කළ මැණික් කොල්ලය හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ස්වයංක‍්‍රීය ගිණි අවිවලින් වෙඩිතබා ඝාතනය කිරීම.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 March 2014 17:29