May 08, 2024

කොළොන්නාවට ඇමති බැසිල්ගෙන් දුමින්දට එරෙහි නියෝජිතයෙක්

කොළොන්නාවට ඇමති බැසිල්ගෙන්  දුමින්දට එරෙහි නියෝජිතයෙක් කොළොන්නාවට ඇමති බැසිල්ගෙන් දුමින්දට එරෙහි නියෝජිතයෙක්

කොළොන්නාව ආසනයෙන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කර ඇති එක් අපේක්ෂකයෙක් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයකු බව වාර්තා වෙයි .එම අපේක්ෂකවරයාව නම් කර ඇත්තේ කොළොන්නාව  සංවිධායක දුමින්ද සිල්වා මහතාගේ බලය පාලනය කිරීමට බවයි සඳහන්  වන්නේ .ඔහුට නාම යෝජනා ලබාදීම  සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා නොදන්නා අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහාද ඔහුගේ සහාය ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත .පසුගියදා අයි .ඩී .එච් .ප්‍රදේශයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනරැළිය සඳහාද සහභාගී වීම දුමින්ද සිල්වා  මන්ත්‍රී වරයා ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙම අපේක්ෂකවරයා මෙම රැළිය සංවිධානය කර තිබු නිසා බවයි වාර්තා වන්නේ . එම අපේක්‍ෂකවරයාගේ නිළ නොවන  මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා ජාතික ලොතරැයි  මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ජානක ශ්‍රී වර්ණසිංහ මහතාව පත්කර ඇති අතර දුමින්ද විරෝධී  මන්ත්‍රී වරයකු වන තිලංග සුමතිපාල මහතා ද ඊට දායකත්වය ලබාදී ඇත .අජිත් සුබසිංහ නමැති මෙම අපේක්ෂකවරයාට නාමයෝජනා ලබාදීමෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍ය වරයාගේ දුමින්ද විරෝධී  වැඩසටහන ප්‍රකටවන බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි . 

Rate this item
(13 votes)
Last modified on Saturday, 01 March 2014 23:07