May 03, 2024

බුදු හිමියන්ගේ ධර්මය ජීවමාන කළ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ

September 12, 2021

- කාංචන කුමාර ආරිදාස ලියයි

ගලේවෙල ප්‍රදේශයේ ප්‍රවෘත්ති ආවරණයක් සඳහා ගමන් කරමින් සිටියදී ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ දී අපූරු දසුනක් අපේ නෙත ගැටුනි. 

එනම් භික්ෂූන් වහන්සේ නමක් රෝදපුටුවක වයෝවෘද්ධ අයකු පිරිසිදු කරන දසුනයි. වාහනය නවතා අප එම දෙසට ගොස් විමසා බැලීමේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ වනවාසීව භාවනා යෝගීව වැඩ සිටින ගලේවෙල ධම්මකුසල හිමියන් තම පියා අසනීප තත්වයෙන් පසුවන නිසා ගලේවෙලට වැඩමකොට පියාගේ උවටැන් කිරීම් සිදුකරන බව දැන ගැනීමට හැකි විය.

වයස අවුරුදු 84 ක් වූ පට්ටිවෙල ප්‍රදේශයේ  පදිංචි ඩී. ඒ. ගුනපාල මහතා මේ වනවිට දැඩි රෝගී තත්ත්වයට පත්ව ඇවිද ගැනීම්ට ද  නොහැකිව රෝද පුටුවෙ දිවි ගෙවමින් සිටින බවත් තම සහෝදරයා හදිසියේ මිය යෑම හේතුවෙන් තම පියාට වත්පිළිවෙත් කොට රැක බලා ගැනීමට අවැසි නිසා මාස ගණනාවක් සිට දින කිහිපයක්  තමන් දෙහිඅත්තකන්ඩියේ සිට නිවසට වැඩම කොට තම ආදරණීය පියාට අවශ්‍ය සියල්ල කරමින් නාවා පිරිසිදු කොට නැවතත් ආරාමයට වඩින බව උන්වහන්සේ පැවසූහ.

අප එම නිවසට යන අවස්ථාවේදී ද ගලේවෙල ධම්මකුසල හිමි එක්තැන්ව සිටින තම පියා රෝද පුටුවෙන් එළියට රැගෙනවිත් දත් මද්දවා නාවා ඇදුම් සෝදා පිරිසිදු කොට අලුත් ඇඳුම් ඇන්දවීම සිදු කරන්නට වූහ.

උන්වහන්සේ අප සමඟ කියා සිටියේ මවට පියාට ඥාතීන්ට උදව් උපකාර කිරීම බුදු දහමේ කියවෙන නිවන් අවබෝධ  කර ගැනීම සඳහා මහත්ඵල ආනිශංස දෙන පින්කමක් බවයි.

මේ දිනවල වස් කාලය එලබ  තිබියදීත් දින කිහිපයක් ආරාමයෙන් බැහැරව  තම පියාගේ ඕනෑ එපාකම් අවශ්‍යතා සිදුකිරීම සතුටෙන් කරන බවය. මෙම පියා ද තම දරුවා බුදු සසුනට පූජා කොට  උන්වහන්සේගෙන් ඇප උපස්ථාන ලබා නිවන් අවබෝධ කර කරගැනීමට උදව් උපකාර කිරීම සිදු කරමින් සිටී.

වර්තමානයේ බොහෝ දෙමවු දෙමව්පියන් අතරමග දමා යන මොහොතක වැඩිහිටි නිවාස මහලු නිවාස වල රඳවා මුදල් ලබාද දී වෙනත් අයවලුන් එළවා පෝෂණය කරන යුගයක නිවන් අවබෝධ  කර ගැනීම සඳහා සසුන්ගතව වන සෙනසුන්ක වැඩ හිඳින ගලේවෙල ධම්මකුසල හිමියෝ සියලු දෙනාටම මහත් වූ ආදර්ශයක් ලබාදෙමින්  ධර්ම දේශනාවක් කරන්නා සේ මෙම කටයුත්ත සිදුකරමින් සිටිති .

Rate this item
(4 votes)
Last modified on Monday, 13 September 2021 08:08