May 03, 2024

බංග්ලාදේශය ලංකාවට දුන්නේ ණය පහසුකමක්ද? මෙන්න උත්තරය

September 01, 2021

-පැතුම් කර්නර් ලියයි

දැන් මේ ගන්න SWAP පහසුකම් කියන්නේ ණයක් ද?

නෑ. හැබැයි ගෙවන්න ඕනේ ආයෙත්.

ඒක වෙන්නේ මෙහෙමයි.

අපේ රටට ඩොලර් නෑනේ. මොනවා හරි කරලා රට දුවන්න ඩොලර් ටිකක් ලඟට ඕනේ. පිටරටින් ගෙන්වන බඩු වලට ගෙවන්න සල්ලි ඕනේ. ඉතිං දැන් කොහෙන්වත් ණය දෙන්නේ නෑ. හේතුව අපිට ගෙවා ගන්න බැරි වෙයි කියන නිගමනය හින්දා.

එහෙනම් අපිට පුළුවන් අනාගතයේ දී යම් දවසක ඩොලර් හම්බුනාම දෙනකං දැනට අතේ තියෙන කෙනෙකුගෙන් ඩොලර් ටිකක් ඉල්ලං එන්න. ඒ ඇපේට මොනවා හරි තියලා. මේක වෙන්නේ ඇපය විදියට අපේ රටේ මුදල් තියලා.

මුලින්ම අපිට සල්ලි දෙන රට කියනවා හරි අපි ඕගොල්ලන්ට ඩොලර් මෙච්චරක් දෙන්නම් කියලා. බංගලදේශයේන් නම් ඩොලර් මිලියන 200 යි. අපි කියනවා හරි අපි අපේ රටේ රුපියල් ඒ මුදලට හරි යන්න ඕගොල්ලන්ගේ ගිණුමක තැන්පත් කරන්නම් කියලා. ඩොලර් මිලියන 200 ක් කියන්නේ ආසන්නව ( 200x220 = 44, 000) රුපියල් බිලියන 44 ක් පමණ. ( 2019 Sri Lankan ගුවන් සමාගමේ අලාභයත් මෙච්චරයි)

ආණ්ඩුව මේ සල්ලි ටික දකුණු ආසියාවේ අන්තර්ජාතික බැංකුවක තැන්පත් කරනවා (අච්චු ගහපුවා හොඳේ ). ඒකට හරි යන්න බංගලදේශය අපිට ඩොලර් මිලියන 200 දෙනවා.

මේකේ විශේෂත්වය තමයි මේ හුවමාරුව තාවකාලික වීම. ඒ කියන්නේ මේක කෙරෙන්නේ කෙටි කාලීන පදනම මත. ඒ කාලය අවුරුද්දක් හෝ දෙකක් වෙන්න පුළුවන්. ඒ කාලය පිරුණම අපි බංගලදේශයට අර ගත්ත ඩොලර් ටික දීලා, අපි බැංකුවේ තියපු රුපියල් ටික ඉල්ල ගන්න ඕනේ. ඒ කාලයට ගැලපෙන්න පොලියක් අපි බංගලදේශයට ගෙවනවා.

මේක හරියට රුපියල් ඇපයට තියලා ගත්ත කෙටි කාලීන ණයක් වගේ. මේකෙන් රට තුල ඩොලර් වලට තියෙන හදිසි වුවමනාව පිරිමැහෙනවා. මාකට් එකට මේ ඩොලර් ආවාම විදෙශ් සංචිත ඉහළ යනවා. ඒ නිසා ඩොලරයේ අගය ස්ථාවර කර ගන්න පුළුවන්.

හැබැයි දැනට තියෙන ඩොලර් අවශ්‍යතාවය හා සැළකීමේදී මේ ලැබෙන ටික සොච්චමක් විය හැකියි. 

ඒ නිසා ඩොලර් ලෙඩේ ලොකු වෙනසක් මේකෙන් ඇති වෙන්නේනෑ. නොමැරි ජීවත් වෙන්න සේලයින් බිංඳුවක් ලැබේවී.

ගැටලුව මේකේ කල් පිරෙන කොටත් ඩොලර් අපිට නොතිබ්බොත්, මොනවා කරල ද බංගලදේශයට ගෙවන්නේ කියලා.

රජයට තියෙන්නේ සංචාරක කර්මාන්තය ගැන බලාපොරොත්තුව. ඒ වගේම පෝර්ට් සිටියට ආයෝජන එයි කියන බලාපොරොත්තුව. ගැටලුව ඒ දෙකම දුර්වල බලාපොරොත්තු වීම. ඒත් සංචාරක කර්මාන්තය ටිකක් පණ ගහලා ආවා නම්, ඩොලර් මිලියන 200ක් ගොඩ දා ගන්න පුළුවන්.

Rate this item
(0 votes)