May 03, 2024

මහ පොළොවේ සැඟවුණු මැණික් සොයනා ලග්ගල මැණිකෙලා

- කාංචන කුමාර ආරියදාස

මාල, වළලු, මුදු , කරාබු,  රත්තරන්, රිදී, මුතු, මැණික් පැළඳීම සඳහා බොහෝ කාන්තාවෝ වැඩි වශයෙන් ඇලුම් කරනවා. ඒ නිසාම කාන්තාවට රත්තරනේ, මැණික, මැණිකේ  ආදී නම් තබන්නට ද පැරැන්නෝ අමතක නොකළා.

මැණික කාන්තාවකට සම කරන්නට ද කවියන් ගීත රචකයින්  සාහිත්‍යදරයින් ගත් උත්සාහයන් ද අතීතයේ පොතපත හාරා අවුස්සා බැලීමේ දී මෙන්ම වර්තමානයේදී පසක් වන කරුණක්.

පතල් කර්මාන්තය ගැන ඈත අතීතයේ සිට ම කතාබහට ලක්වන ව්‍යාපාරයකි.

පතල් කවිවලින් කියවෙන්නේ ද පිරිමි අය පතලේ වැඩ කරන බවය. එමෙන්ම ඔවුන්ගේ විඩාව සංසිදුවා ගැනීමට ඔවුහු අඹුදරුවන් මතක් කොට කවි ගායනා කල අවස්ථා අපමණයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කළු ගඟ ප්‍රදේශය මැණික් සඳහා ඉහල ඉල්ලුමක් පවතීන බල ප්‍රදේශයක්.

රත්නපුර ප්‍රදේශයේ මැණික් පොකුරු හමුවීම්ත් සමඟ  ලග්ගල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ යම් මට්ටමකින් පහත ගිය පතල් රැකියාව වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසනවා.

එමෙන්ම ලග්ගල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේ  පිරිමින්ට මෙන්ම හරි හරියට කාන්තාවෝ සංවිධාන ගත වෙමින් පතල් රැකියාවේ නිරත වන බව ජනතාව පෙන්වා දෙනවා.

ලග්ගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ  මාඔය, හත්තොට අමුණ, කළු ගඟ,  කිරිකිරිඔය, වැල්ලෙවෙල, දෙවාලදෙනිය, ආදී ප්‍රදේශවල මේ දිනවල වැඩි වශයෙන් කාන්තාවන්වෝසංවිධාන ගත වෙමින් මැණික් සෙවීමේ  ක්‍රියාවලියෙහි නිරත ව සිටියි.

ලග්ගල නිල් මැණික් සොයා දැඩි වෙහෙසක් දරන මෙම කාන්තාවෝ සොයා එහි ගිය අපට ඔවුන් විඳින  දුක් වේදනාව පිළිබඳව විවිධ දේ හෙළිදරව් කළා.

මෙම කාන්තාවන් කියා සිටියේ තමන් උදෑසන සිට පස්වරුව දක්වා ම එක් දිගට මැණික් සෙවීමේ කටයුතුවල නිරතව සිටින බවයි.

එහෙත්  රාත්‍රී කාලයේ බොහෝ සැමියන් මත්පැන්ට හුරුවී අඩදබර ඇති කරමින් තමන්ට දරුවන්ට  හිරිහැර කරන බව ද ද ඔවුන් දැඩි වේදනාවෙන් පැවසුවා.

මෙම මැනික් සොයන කාන්තාවෝ සංවිධාන ගත වී එම ප්‍රදේශයේම මැණික් මිලදී ගන්නා ව්‍යාපාරිකයින්ගේ හවුල්කරුවන් බවට පත්ව සිටින බවත් සතියකට වරක් එක් කාන්තාවකට රුපියල් 1000ක මුදලක් වියදම් ලෙස එම ව්‍යාපාරිකයා ලබාදෙන බවත් ඊට අමතරව මැණික් ගැරීම් සඳහා අවශ්‍ය උදලු අලවංගු සහ සේදීම් සඳහා වට්ටි ආදී  උපකරණ එම  ව්‍යාපාරිකයා විසින් සංවිධානාත්මකව මැණික්  සොයන කාන්තාවන්ට ලබා දෙන බව ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් පිරිමින් මෙන්ම හරි හරියට ඉල්ලම් කැඩීම ඉල්ලම් වියලීම ඉල්ලම සේදීම ආදී පපතලේ සිදුකරන සියලු කටයුතු මෙම සියුමැලි දෑත් වල දියපට්ට හා කරගැට මතුව ඇතත්  සුදු කරන බව එම කාන්තාවෝ පවසනවා.

එසේ දැඩි මහන්සියෙන් මැනික් සොයන ලග්ගල යුවතියන්ට  ලැබෙන මිණිකැටය ඔවුන් මිල තබන බවත් එහෙත් එම මිණිකැටය වියදම් ලබාදෙන ව්‍යාපාරිකයාට ලබාදිය යුතු බව ද ඔවුන් පැවසුවා.

එම වියදම් ලබාදෙන ව්‍යාපාරිකයාගේ විශ්වාසය කිසිදු ආකාරයකින් පලුදු කිරීමට අකමැති බවද එම කාන්තාවෝ පවසන අතර බොහෝ දෙනා මේ වන විට නිවසක් තනාගෙන යම් මට්ටමකින් හෝ සතුටෙන් ජීවත් වෙන්නේ ලග්ගල  මහපොළොවේ ඇති  මිනි කැට සොයා ගැනීමෙන් බව ද ඔවුන් කියා සිටියා.

දැඩි ලෙස මහන්සි වී තමන් ද නිල් මැණික්ක් හෝ පුෂ්පරාග යක් සෙවීමේ කටයුතුවල නිරතව සිටින බව ද රත්නපුරයේ පසුගියදා හමු වූ නිල් මැණික් පොකුර  පිළිබඳව නිතර නිතර මෙම කාන්තාව ද මතක් කරමින් එවැනි මැණික් පොකුරක් තමන් ද බලාපොරොත්තු වන බව පවසනවා.

කෙසේ වෙතත් මෙම සියුමැලි දෑත් අපට පෙන්වමින් එම කාන්තාවන් කියා සිටියේ තමන් මහපොළොව සමග ඔට්ටු වෙන්නේ දුවා දරුවන් ගේ අනාගතය නිසා බවයි.

ලග්ගල මහ පොළොව හාරා මිණි සොයන මැණිකෙලා බොහෝ දෙනෙක්  වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු සහගතව අදටද මෙම කටයුත්තේ නිරතව සිටින්නේ බලාපොරොත්තු රැසක් දල්වා ගෙන බව ඔවුහු අප සමඟ පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 August 2021 22:57