May 19, 2024

ලෝකය කැළඹූ ඝාතන සිදුවීමක් පිටුපස තිබූ අපුරු රෝගය (PHOTOS)

2002 වසරේ ඔක්තොම්බර් 18 වැනිදා ෂේන් ස්නෙල්මන් නම් අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඇති මිලියනපතියන් වාසය කරන ප්‍රදේශයක් වෙත යන්නේ සොරකම් කිරීමට යමක් සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.

ඒ අනුව ඔහු විසින් නිවසක් සොයාගෙන එයට ඇතුළු වුණත් ඔහුට නැවත ජීව ග්‍රහයෙන් නිවසෙන් පිටවෙන්නට නොහැකි වන්නේ එම නිවසේ හිමිකරු වූ බෘෘස් රොබට් නැමති පුද්ගලයා විසින් ෂේන් ස්නෙල්මන්ට වෙඩි තබා ඝාතනය කර තිබීම හේතුවෙනි.

ඉන්පසුව බෘෘස් විසින් මෙම සිදුවීම පොලීසියට හෝ වෙනත් වගකිය යුත්තෙකුට කියනවා වෙනුවට ඝාතනයට ලක් වූ ෂේන්ගේ සිරුර සඟවා තබාගන්නට කටයුතු කර තිබේ.

2017 වසරේ ජූලි මාසයේ 21 වැනිදා බෘෘස් මිය යනතෙක් ඔහු විසින් වසර 15ක කාලයක් ෂේන්ගේ සිරුර ඔහු සමඟ තබාගෙන සිට තිබුණි. 

ෂේන් ස්නෙල්මන් 2002 වසරේ දී මිය විට වයස අවුරුදු 39ක් වූ අතර ඔහු වයස අවුරුදු 15 දී මහ මඟ ජීවත් වෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ සොරකම් කිරීම් වැනි කටයුතුවලට කිහිප අවස්ථාවකම සිර දඬුවම් හිමි වූ කෙනෙක් විය. බෘෘස් රොබට් හුදෙකලාව ජීවත් වූ අතර ඔහුට හොඳ ධනවත් ජීවිතයක් තිබුණි.

බෘෘස් 2017 වසරේ දී මිය ගියත් ෂේන්ගේ සිරුරු සොයා ගැනීමට හැකිවන්නේ 2018 වසරේ මැයි 29 වැනිදාය. එයට හේතුව වී තිබුණේ බෘෘස්ගේ නිවසේ තිබූ දැඩි අපිළිවෙළ සහ බඩු භාන්ඩ විශාල ප්‍රමාණයක් තිබීමයි.

බෘෘස්ගේ නිවසේ තිබූ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පැමිණි කණ්ඩායමක් වෙත මෙලෙස ෂේන්ගේ මමීකරණයට ලක්වූ සිරුර සොයා ගැනීමට හැකිව තිබුණු අතර බෘෘස් විසින් එම මාතෘ දේහය අසළ වාතය සුවඳ ගල්වන කාරක බෝතල් 70ක් තබා තිබූ බවද සඳහන් වෙයි.

එමෙන්ම බෘෘස්ගේ නිවස පරික්ෂා කරන අවස්ථාවේ ගිනි අවි 19ක් සොයා ගැනීමට හැකිව තිබුණි. බෘෘස්ගේ නිවස ඉතාමත් පාළු සහ අපද්‍රව්‍ය මෙන්ම විවිධ ඉවතලන ද්‍රව්‍ය බොහෝමයක් සෑම තැනකම දමා තිබූ බවත් ජනේල්යන්ට සවිකර ඇති තිර රෙදිවලට එසවිය නොහැකි ලෙස ඇන ගසා තිබුණු බවත් පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

බෘෘස් රොබට් විසින් ෂේන්ගේ සිරුර වසර 15ක් තබා ගැනීමට හේතුව පිළිබඳව බොහෝ දෙනෙකුට කුතුහලය උපදවන කාරණයක් වී තිබුණු අතර පරික්ෂණ පැවැත්වූ සිඩ්නි පොලිසීය විසින් සඳහන් කර තිබුණේ බෘෘස් මානසික රෝගයකින් පීඩා විඳිමින් සිටි බවයි.

බෘෘස් රොබට් පීඩා විඳි මානසික රෝගය

බෘෘස් රොබට් මිය යනතුරුම “සංචිත මානසික ආබාධය (Hoarding Disorder)“ පීඩා විඳිමින් සිට තිබේ. මෙම රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින් බොහෝ දෙනෙකු අනවශ්‍ය දේවල් යැයි සිතමින් ඉවත් කරන ද්‍රව්‍ය බොහෝමයක් සංචිත ලෙස එකතු කිරීම සිදුකරනු ලබයි. ඔවුන්ට තමන් එලෙස එකතු කරගන්න දේවල්වලින් මිදීමට හෝ ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් වෙයි. 

මොවුන්ගේ ජීවිත රටාවන් බොහෝ ගැටලුකාරී වන බවට සඳහන් වෙන අතර රැකියාවක් කිරීමට පවා බාධා ඇතිවන බව සඳහන් වෙයි. ෂේන් මිය ගිය පසුව සිරුර ඉවත් කිරීමට වෙනුවට මෙලෙස තබාගන්නට ඇත්තේ ද මෙම රෝගී තත්ත්වය හේතුවෙන් බවට පසුව අනාවරණය විය.

එමෙන්ම බෘෘස් දැඩි ලෙස සිය ජීවිතයට හානියක් වෙතැයි බියෙන් සිට ඇති අතර ඔහු ඒ හේතුවෙන් තමන්ගේ නිවස වටා කම්බි වැටවල් බැඳීම සහ ගිනි අවි රැස් කරගෙන සිටීම වැනි දේවල්ද සිදුකර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 May 2021 16:00