හුමාල ප්රතිකාරය වැඩ කරන විද්යාත්මක පසුබිම මොකද්ද? මේක වැඩ කරන්නේ නෑ නේද ? මේක විද්යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවාද ? තියෙනවා නම් ඒ මොනවාද ?
හුමාල ප්රතිකාරය අයුර්වේද වෛද්යවරු නිර්දේශ කරන අතර
(මූලාශ්රය : ඉන්දියාවේ ආයුර්වේද නිල වෙබ් අඩවිය https://bit.ly/3o8CuBN )
රටවල් විශාල සංඛ්යාවක් මෙම ප්රතිකාරය භාවිතා කරනවා. (උදා: Tonga, Micronesia, Solomon Islands, Philippines, Vietnam, Nepal, Afghanistan, Holland, Brazil) (මූලාශ්රය : https://drive.google.com/file/d/1B-tFO8m0a4OoGD5p3FfckYJCKViBVUa8/view?usp=sharing )
ඔව් ඉන්දියාවේ හුමාල ප්රතිකාරය නිර්දේශ කරන අතර එහේ මෙච්චර රෝගීන් මිය යන්නේ ඇයි කියලා අහුවොත් ඒකට හේතුව හුමාල ප්රතිකාරය නිවැරැදි විදියට භාවිතා නොකිරීම (හුමාලය නිවැරැදිව භාවිතා කරන්නේ කොහොමද කියලා අපි වෙනම කථා කරන්න ඕන මාතෘකාවක් ඇත්තටම ), ඉන්දියාවේ තියෙන පෝෂණ ගැටළු, අඩු ඉඩක විශාල ජනගහනයක් ජීවත් වීම පෙන්වන්න පුළුවන්.
මීට අමතරව එක්සත් රාජධානියේද (UK) නිවසේදී භාවිතා කල හැකි ප්රතිකාර ක්රමයක් හැටියට හුමාල ප්රතිකාරය සැලකෙනවා.
(මූලාශ්රය: ස්කොට්ලන්ත වෛද්යවරුන්ගේ නිල වෙබ් අඩවිය : https://www.nhsinform.scot/illnesses-and-conditions/infections-and-poisoning/coronavirus-covid-19/coronavirus-covid-19-longer-term-effects-long-covid )
හුමාල ප්රතිකාරය සඳහා තියෙන ඍජු හා වක්ර සාක්ෂි දෙස මෙතනදී අපි බැලීම වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට මේ පරීක්ෂණ දශකයකට පෙර කරපු පරීක්ෂණ. හැබැයි පරීක්ෂණ දශකයක් දෙකක් කලින් කරා කියල ඒවායේ අගය අඩු වෙන්නේ වත් ඒ පරීක්ෂණ වල නිගමන වැරදි වෙන්නේත් නැහැ. මේකට හේතුව දැන් හුමාල ප්රතිකාරයට වඩා භාවිතාවට පහසු ප්රතිකාර සඳහා මිනිසුන් ඇදී යාම. ඒ වගේම බහුජාතික සමාගම් වුනත් හුමාල ප්රතිකාරය සඳහා සහයෝගය දක්වන්නේ නැහැ. මොකද මේ ක්රමයෙන් ඖෂධ විකිනීමක් සිදු වෙන්නේ නැති නිසා. උණු වතුර භාවිතාව බෙහෙත් භාවිතාවට වඩා තරමක් ප්රායෝගිකව අපහසු වීමත් වාට්ටු වල මේ ක්රමය භාවිතා කිරීමට අඩු වීමට හේතු සාධක වුණු කාරණා.
එහෙම කිව්වත් බටහිර භෞත චිකිත්සක (PHYSIOTHERAPIST) වගේම බටහිර හෙද පුහුණුවට අදාල විශය නිර්දේශයේ අනිවාර්ය අංගයක් ලෙස හුමාල ප්රතිකාර ක්රමය අන්තර්ගතයි.ඒ වගේම ශල්ය වාට්ටුවල තයිරොයිඩ් සැත්කමට පසුවත් හුමාල ප්රතිකාරය කිරීම සුදුසු බව ශල්ය වෛද්යවරු බහුතරයක් පිලිගන්නා කාරණාවක්. හුමාල ප්රතිකාරය හානි දායකයි කියලා දුර්මතයක් සමාජගත වෙලා තියෙන නිසා මේ කරුණු ප්රකාශ කිරීම වැදගත් කියලා මට හිතුනා.
හුමාල ප්රතිකාරය හානිදායකද කියන ගැටලුවට මෙතනින් පිළිතුරක් ලැබුනා කියලා මම හිතනවා. ඒ වගේම මීළඟට අපෙන් අහන සුලභ ප්රශ්නය හුමාල ප්රතිකාරය ආරක්ෂිත වුනත් මේක කොරෝනා වෛරසයට එරෙහිව වැඩ කරන්නේ නැහැ නේද කියන ප්රශ්නය.
ඇත්තටම මේක බොහොම සාධාරණ වගේම පිළිතුරු දීමට අත්යාවශ්ය ප්රශ්නයක්. මේකට අදාල වන ඍජු හා වක්ර විද්යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීම සුදුසුයි කියලා මම හිතනවා. කිසියම් දෙයක් විශ්වාස කිරීම හෝ නොකිරීම විද්යාත්මක ක්රමයට අනුව සිදු කළ යුතු බව මම දැඩිව විශ්වාස කරන අතර මෙම තොරතුරු ප්රායෝගික සීමා තුල ලබා ගත් දත්ත නිසා විශ්ලේෂණය කිරීමේදී සාමාන්ය දැනීම භාවිතා කිරීමත් ඒවගේම වැදගත් වෙනවා.
උෂ්ණත්වය වැඩි වීමෙන් සහ ශ්වසන මාර්ගයේ තෙතමනය වැඩි කිරීම ශරීරයට, ශ්වසන අපිච්චදයට, පෙනහළු වලට, කොවිඩ් වෛරසයට, සිදු කරන්නේ මොකද්ද කියලා අපි විද්යාත්මකව බලමු.
සමස්ත ශරීරයේ උෂ්ණත්වය රෝග තත්ත්ව වලදී වැඩි කිරීම (එහෙමත් නැත්නම් සරළව කියනවා නම් උණ ගන්න එක) අවුරුදු මිලියන 600කටත් වඩා කලින් පරිණාමය තුළින් ජීවීන්ට දායාද වුණු දෙයක්. මේක චල සහ අචල තාපී ජීවීන් කාණ්ඩ දෙකේම දකින්න ලැබෙන අතර රෝග වලට එරෙහිව සටන් වැදීමට ජීවීන්ගේ ශරීරයේ තියෙන ප්රබල අවියක් කියලා කියන්න පුළුවන්. උෂ්ණත්වය මගින් ශරීරයේ එන්සයිම වල ක්රියාකරිත්වය වඩාත් සක්රිය කිරීමත් සෛලවලට පහර ගසන ක්ෂුද්ර ජීවීන් දුර්වල කිරීමත් සිදු කරන බව පරීක්ෂණ මගින් දැන් ඔප්පු කරලා තියෙන්නේ.
(මූලාශ්රය https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4786079. )
ශරීර උෂ්ණත්වය සුළු වශයෙන් ඉහල යෑමක් හුමාල ප්රතිකාරයේදීද සිදු වෙන අතර අනිවාර්යයෙන්ම ශ්වසන අපිච්ඡදයේ උෂ්ණත්වය වැඩි වීමක්ද සිදු වෙන අතර මේ නිසා ඉහත වෙනස්කම් මුළු ශරීරයේම වගේම ශ්වසන අපිච්ඡදයට අවට සෛල වලට සුභවාදී ලෙස බලපානවා.
හුමාලය මගින් ශ්වසන අපිච්ඡදයට වෙන්නේ මොකද්ද කියලා අපි දැන් බලමු.
ශ්වසන අපිච්ඡදය නාස් කුහර වල සිට පාර නාසික කෝඨරක (Paranasal sinuses) වගේම ශ්වාස නාලය, ශ්වාස නාලිකා දක්වා දැකිය හැකි අතර ශ්වසන අපිච්ඡදයේ විවිධ ස්ථාන වල කරපු පරීක්ෂණ වලින් පොදුවේ ශ්වසන අපිච්ඡදය හා ඒ අවට පටක වල ප්රදාහය අඩු වෙන බව විද්යාත්මකව ඔප්පු කරලා තියෙනවා.ඒවගේම ඝන, තද ශ්ලේශ්මලය බුරුල් කිරීමත් මෙමගින් සිදු වෙනවා.
(මෙහි විද්‍යාත්මක පසුබිම කියවීම අත්‍යවශ්‍ය බැවින් පහත මුලාශ්‍ර වෙත යොමු වන්න)
සීත කාලයට ශ්වසන රෝග වැඩි වෙන බව දැනටමත් විද්යාත්මකව ඔප්පු කරන ලද කාරණාවක්. https://drive.google.com/file/d/1lQQ45avbkPPnaA1Qr9OkAj4wlIKUIofD/view?usp=sharing
ශ්වසන රෝග ලංකාව වගේ රටවල් වලට මේ තරම් කල් ලොකු ගැටළුවක් වුනේ නැත්තේ ඒකයි. හැබැයි කොරෝනා වෛරසයට සාපේක්ෂව වැඩි පැතිරීමේ හැකියාවක් තිබෙන නිසා (High virulence) තමයි මේ රෝගය අපේ රටටත් වැඩි බලපෑමක් ඇති කරන්නේ. කොහොම උනත් උෂ්ණත්වය කියන කාරණාව ශ්වසන වෛරසයක් වෙන කොරෝනාවටත් ගොඩක් වැදගත් වෙනවා. කොරෝනා වෛරසය වඩාත් වේගවත්ව පැතිරීම සීත රටවල් වල සීත ඍතුවේ සිදු වුණේ ඒක නිසා. https://www.academia.edu/42942272/Coronavirus_Hope_COVID_19_is_SARS_ (Read the Appendix)
සමහර රෝග පැතිරීමට එක සාධකයකට වඩා බලපානවා (උදා: දියවැඩියාව හැදෙන්න අධික සීනි පරිභෝජනය සහ දෙමව්පියන්ට දියවැඩියාව තිබීම එහෙම නැත්නම් ආරෙ වැදගත් වෙනවා). ආරෙට දියවැඩියාව හැදෙන්න පුළුවන් අය සීනි වලින් පරිස්සම් වෙලා දියවැඩියාවෙන් ආරක්ෂා වෙනවා වගේ කොරොනාවේ පැතිරීමේ හැකියාව, මිනිසුන්ට මරු කැඳවීමේ හැකියාව කුමක් වුනත් උෂ්ණත්වය මගින් කිසියම් බලපෑමක් මෙහි පැතිරීමට සහ මරු කැඳවීමේ හැකියාවට කරන්න පුළුවන්.
https://www.teklinepublishing.co.uk/images/sri-lanka-2.jpg
මෙතන පෙන්නලා තියෙන්නේ ලංකාවේ අපි සිදු කරපු හුමාල ප්රතිකාර ව්යාපෘතියේ ප්රතිඵල. මේක ඇත්තටම ෆ්රෙඩ් හාර්ඩින් කියන ඉංග්රීසි ජාතික මාධ්යවේදියා ලෝකයේම කොවිඩ් වෛරසයට සිදු කරන ප්රතිකාර ගැන සොයා බැලීමේදී ලංකාවේ රෝගීන් ගණන ඉහල යද්දිත් මරණ එක වරම පාලනය වීම දැකලා ලියපු ලිපියක්.
සම්පූර්ණ ලිපිය → https://www.teklinepublishing.co.uk/story-srilanka.htm
ලංකාවේ සියළුම රෝහල් ආවරණය වෙන පරිදි හුමාල ප්රතිකාර උපකරණ ලබා දී දින දෙකකට පසුව ලංකාවේ රෝගීන් වේගයෙන් ඉහල ගියත් රෝගීන් මිය යෑම එකවරම නැවතීම අපිට දැක ගන්න ලැබුනා. ලංකාවේ රෝගීන් 189 හිටිය කාලෙ 7 දෙනෙක් රෝගීන් මියගිය බව ඔබ සියලුදෙනාට මතක ඇති. (මේ දත්ත ඉන්ටනෙට් එකේ දැන් උනත් තියෙනවා) ඒ කාලෙ තමයි මේ ව්යාපෘතිය පටන් ගත්තේ. ඊට පස්සේ අපේ රෝගීන් ගණන 700 - 800 වගේ වුනත් රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි මිය ගියේ. (නාවික හමුදාවේ රෝගීන් නොමැතිව ) මේක අපි ප්රතිශත විදියට බලුවොත් 189 ට 7ක් කියන්නේ 3.7% වගේ මරණ අනුපාතිකයක්. මේක ලෝකෙ තිබුන කොරෝනා මරණ අනුපාතිකයට සමානයි. හැබැයි ලංකාවේ හැම රෝහලකම මේක පාවිච්චි කරන්න පටන් ගත්තාට පස්සේ මේ ප්රතිශතය 0.2% වගේ ලෝකෙන්ම අඩුම ගණනක් බවට පත් වුනා.
අපේ නාවික හමුදාවේ වීරෝදාර නාවිකයින් 1000කට ආසන්න පිරිසකට මෙම රෝගය වැළඳුන අවස්ථාවේත් මේ ප්රතිකාර උපකරණ 200ක් පමණ නොමිලේ ලබා දුන් අතර එම උපකරණ හදා ගන්න විදියත් කියලා දුන්න නිසා 1000කට ආසන්න පිරිසටම හුමාල ප්රතිකාරය නිවැරැදිව භාවිතා කිරීමට හැකි වූ අතර එකම නාවික භටයෙක් හෝ දැඩි සත්කාර ඒකකයටවත් යොමුකිරීමට අවශ්ය වුනේ නැති එක ගැන අපි ගොඩක් සතුටු වුණා. ලෝකයේම කොරෝනා රෝගීන් 100 කට 3.5ක් පමණ මිය යන අවස්ථාවක 1000 කට 35ක් මිය යන බව අපිට පැහදිලි වුණා. නාවිකයින් කියන්නේ සාපේක්ෂව තරුණ හොඳ සෞඛ්ය තත්ත්වයක් තිබෙන පිරිසක් නිසා මෙම අගය 0.5% පමණ විය හැකි වුවත් රෝගීන් 1000කට ඒ කියන්නේ මරණ 5ක් කියන එක.
ඒවගේම හම්බන්තොට රෝහලේ රෝගීන් 100කට අධික ප්රමාණයකට ඒ වකවානුවේදී හුමාල ප්රතිකාරය මේ උපකරණය මගින් නිවැරැදිව කිරීමට අවස්ථාව ලැබුන අතර එක රෝගියෙක්වත් දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමටවත් අවශ්ය වුනේ නැහ. ඒ කියන්නේ 0% ක මරණ අනුපතිකයක් (නාවික හමුදාවේ ආසාදිත පිරිසගේ වගේම ). මේ දත්ත වැදගත් වෙන්නේ මෙතන සාමාන්ය සෞඛ්යයක් තිබෙන මිශ්ර වයස් කාණ්ඩ වලට අයත් පිරිසක් වීම. ලංකාවේ දෙවන රැල්ලට පස්සේ මට විදේශගත වෙන්න සිදුවුණ නිසා මෙම ව්යාපෘතිය තරමක් අදාල වුනත් ලංකාවේ ලෙඩ්ඩු මිය යන්නේ නැති නිසා මම ඒ කාලයේ ගැන එතරම් කරදර වුනේ නැහැ.
හුමාල ප්රතිකාරය වැඩ කරන්නේ නැති අවස්ථා මොනවාද ?
කොරෝනා වෛරසය අනෙක් ශ්වසන මාර්ගය ආසාදනය කරන වෛරස වගේම (උදා: රයිනෝ වෛරසය ) ශරීර උෂ්ණත්වයට වඩා තරමක් ඉහළ උෂ්ණත්ව වලදී අක්රිය වෙන අතර මෙම උෂ්ණත්වය තව දුරටත් ඉහල යෑමේදී මිය යනවා.
https://pubmed.ncbi.nlm.nih.gov/32646015/
ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කිරීමෙන් කොරෝනා වෛරසයට අමතරව ශ්වසන මාර්ගය ආසාදනය කරන අනෙක් වෛරස වලටත් ප්රතිකාර කිරීමට හැකි බව. මේ කාරණාව ගොඩක් වැදගත් වෙන්නේ කොරෝනා වෛරසය ඉතාමත් වේගයෙන් ජාන විකෘති වලට ලක්වීම නිසා එන්නත් 100% සාර්ථක වෙන්නේ නැති නිසා. මොකද එන්නතක් හදන්නේ වෛරසයේ තියෙන රසායනික අණුවක හැඩයට අදාලව ප්රතිදේහ ගොඩ නැගෙන විදියට (මේකට කියන්නේ අගුලු යතුරු යාන්ත්රණය කියලා) . වෛරසයේ ජාන විකෘති වී වෙනස් වෙනකොට එන්නත් වලින් නිර්මාණය වෙන ප්රතිදේහ වල ක්රියාකාරීත්වය අඩු වීමට හෝ සම්පූර්ණයෙන්ම ක්රියා නොකිරීමට පුළුවන්. හැබැයි තාපය භාවිතා කරන ප්රතිකාර වලට මේ කියන කාරණාව වැදගත් නෑ. සරලව කියනවනම් කොරෝනා වෛරසයේ ඕනෑම ප්රභේදයකට මෙම ක්රමය සාර්ථක වෙනවා. මේක හරියට භෞතික විද්යාවේ තාපය පිලිබඳ ප්රශ්නයට රසායන විද්යාවෙන් උත්තරයක් දුන්නා වගේ එක විදියකට. මම එහෙම කිව්වේ පැහැදිලි කිරීමට මිසක් කොරෝනා වෛරසයට එරෙහි එන්නත් හැකි හැමෝම අනිවාර්යයෙන් ලබා ගත යුතු බව කියන්න අවශ්යයි. එන්නතක ක්රියාකාරීත්වය කොහොමත් පවතින්නේ ටික කාලයක් නිසා (විශේෂයෙන්ම වේගයෙන් විකෘති වෙන වෛරස වල ) අනෙකුත් ප්රතිකාර ක්රම භාවිතා කිරීම අත්යාවශ්ය කාරණාවක්.
අපි ආයෙමත් ප්රධාන මාතෘකාවට අවධානය යොමු කරමු. පරීක්ෂණ වලින් පෙන්නලා තියෙන විදියට පරීක්ෂණාගාර තත්ත්ව වලදී (In Vitro) කොරෝනා වෛරසය සෙල්සියස් 56 දී පැය බාගයක කාලයකදී සැලකිය යුතු ප්රමාණයකට අක්රිය වෙන බව මෙතන පෙන්නලා තියෙන පරීක්ෂණයෙන් ඔප්පු වෙනවා. පරීක්ෂණාගාර වල සිදුවෙන දේ මිනිස් සිරුර තුළ ඒ විදියටම සිදු වෙන්නේ නැහැ. මිනිස් සිරුරේ ස්වාභාවිකව වෛරස වලට එරෙහි ප්රතිශක්තිකරණ පද්ධතියක් තියෙන නිසා වෛරසය අර්ධ වශයෙන් හෝ දුර්වල කිරීම ශරීරයට වෛරසය පාලනය කිරීමට ලොකු පිටුවහලක් වෙනවා. අනිත් කාරණාව තමයි හුමාලයේ ක්රියාකාරීත්වය වෛරසය ක්රියා විරහිත කිරීමෙන් අවසන් වෙන්නේ නැති එක. ශ්වසන අපිච්ඡදයේ ප්රතිශක්තිකරණයටත් හුමාලය ලොකු සහයෝගයක් දෙනවා.
හුමාලය කියන්නේ ඉතාමත් ඉක්මනින් තාපය හානි වෙන දෙයක්. මේක සරලව කියනවානම් කේතලයක නටන වතුර තියෙන වෙලාවක වතුර වත්කරන තැනින් එලියට එන හුමාලයට අත ඇල්ලුවොත් ගොඩක් ලොකු රස්නයක් එක්ක අත පිච්චෙනවා. හැබැයි අඩියක් විතර අත දුරස් කරොත් ඒ රස්නය දැනෙන්නේ නැති තරම් වෙනවා. ඒ කියන්නේ හුමාල ප්රතිකාරය සාර්ථක වෙන්න නම් හුමාලයේ තාපය ශ්වසන මාර්ගයේ හැකිතාක් දුරට යන ආකාරයේ උපකරණයක් පාවිච්චි කරන්න අත්යාවශ්යයි. හුමාල ප්රතිකාරය වැඩ කරන්නේ නැහැ කියලා කියන පරීක්ෂන වල මෙන්න මේ කියන අඩුපාඩු අපිට දකින්න ලැබෙනවා.
මේක අපි ලංකාවේ කරපු පරීක්ෂණ වලත් දැකපු දෙයක්. අපි මේ උපකරණය අයි ඩී එච් රෝහලට සහ අනෙකුත් රෝහල් වලට ලබා දෙන්න පෙර මිනිස්සු හැමෝම සාමාන්යයෙන් කරන විදියට හුමාලය භාජනයක් සහ තුවායක් ආධාරයෙන් සිදු කරා. හැබැයි ලංකාවේ මරණ අනුපාතිකයේ සැලකිය යුතු (Statistically significant) වෙනසක් වුනේ හුමාල ප්රතිකාරය මේ උපකරණය මගින් හරියට භාවිතා කරන්න පටන් ගත්තාට පස්සේ. මේ උපකරණය හදාගන්න විදිය සහ ඒකේ ඡායා රූප මගේ මුහුණු පොතේ වගේම අන්තර් ජාලයේ හෙව්වොත් හොයා ගන්න පුළුවන්. ඒ දිහා බලලා මේ වගේ එකක් හදාගන්න කියන ආරාධනාව කරන්න කැමතියි මේක වෙළෙඳ භාණ්ඩයක් කරන්නේ නැතුව. හුමාලය එකතු කරන පුනීලයක් වගේ කොටසක් තිබීම සහ භාජනයේ එක පැත්තක සිදුරක් තිබීමත් ඉතාමත්ම වැදගත් (කේතලයක් පාවිච්චි කරේ ඒකයි මුට්ටියක් පාවිච්චි කරන්නේ නැතුව ). මේකෙන් පැහදිලිව හුමාලය පිටතට එන වේගය වැඩි වෙනවා. මේ ගැන කරපු පරීක්ෂණ කීපයක වීඩියෝ එකක් මම පෙන්නන්නම්.මේක තරමක් දුරට වෙන්චූරි මාස්ක් එකේ සිද්ධාන්තයත් වගේ දෙයක් එහෙමත් නැත්නම් රික්තයකින් වාතය එලියට ගන්න අමාරුයි කියන කාරණාව. තවත් සරළ කරොත් කාමරයක දෙපැත්තෙන් ජනෙල් දෙකක් විවෘත කරාම නේද හොඳින් හුළඟ හමන්නේ එක ජනේලයක් විතරක් ඇරලා තියෙනවාට වඩා.
හැබැයි ඒ අසාර්ථක පරීක්ෂණ කරපු ගොඩක් අය හුමාල ප්රතිකාරය ගැන තව පරීක්ෂණ කල යුතුය කියන නිගමනය තමයි සඳහන් කරන්නේ මොකද හුමාල ප්රතිකාරය වැඩ කරන බව ඔප්පු කරපු පරීක්ෂණ ගොඩක් තියෙන නිසා…
(මූලාශ්රය : කොක්රේන් කොලැබරේෂන්.. කොක්රේන් කොලැබරේෂන් කියන්නේ ලෝකයේම තියෙන වෛද්ය පරීක්ෂණ වෛද්යාත්මකව පරීක්ෂා කරලා දෙපැත්තට තර්ක කෙරෙන වෛද්ය මත ගැන දත්ත මත පදනම් වූ අදහස් පල කරන ආයතනයක්. https://drive.google.com/file/d/1yAFpSt-MCY9lzKyoB6NsWIw89uW0r79j/view?usp=sharing )
මුලාශ්‍ර :
Adjuncts to medical management of sinusitis
https://drive.google.com/file/d/1t_TvOex4dpCG5Ib7FGnkwAj4YMdTAvvr/view?usp=sharing
Effects of Steam Inhalation on Voice Quality-Related Acoustic Measures
https://drive.google.com/file/d/1t9pPpKTq3sm0choq7JjefoXyyQJV46ZX/view?usp=sharing
https://drive.google.com/file/d/1H_t7_S-AMHJfJhG9N6SBAONfz-GXxhfj/view?usp=sharing
Pilot study of vapotherm oxygen delivery in moderately severe bronchiolitis
https://drive.google.com/file/d/13YgtvTaAdaV27_J4iG9cbfUF1ndPpoOy/view?usp=sharing
Protect Your Assets: Understanding the Role of Pharmacists and Pharmaceuticals in Vocal Health
https://drive.google.com/file/d/1ksWvbJeKZagwXkH4buJXocLk0dV0Z3DB/view?usp=sharing
Study on Mechanism of Local Heated Aerosol Therapy in Perennial Allergic Rhinitis
https://drive.google.com/file/d/1AtC7F6AcrU3WjOSsJiwkYJPu562t2_py/view?usp=sharing
Tolerability of Nasal Delivery of Humidified and Warmed Air at Different Temperatures: A Randomised Double-Blind Pilot Study
https://drive.google.com/file/d/1VUn7yzqv30wcKEtxBwqL70CZlGrnE9KF/view?usp=sharing
Treatment of perennial allergic rhinitis by local hyperthermia
https://drive.google.com/file/d/15daw-xgum9xwYrvpyx5TkA9YvFjiwIoC/view?usp=sharing
(Steam is safe)
Blood flow to the mucosa and patency of the airway with steam inhalation →
https://drive.google.com/file/d/1Uiq0ny7cIyFBAx99iwDDpCYz26h9T9Lu/view?usp=sharing
(කථිකාචාර්ය සහ ශල්ය වෛද්ය චරිත් නානායක්කාර)