May 19, 2024

මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය TIKTOK තරුව ගැන දැනගමුද?

මේ දිනවල ෆේස්බුක් භාවිත කරන්නන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින ටික්ටොක් තරුවක් සිටිනවා. 

ඔහු අනිත් ටික්ටොක් කරන පිරිසට වඩා ටිකක් වෙනස් අන්දමේ දේවල් තමයි තමන්ගේ නිර්මාණයන් විදිහට කරන්නේ.

දෙයක් ලේසියෙන් කරගන්න තියෙන්නේ අමාරු විදිහට කරන්නේ ඇයි? ඔහු විසින් කරන්නේ අනිත් අය ලොකු වෙහෙසක් දරලා අමාරුවෙන් කරන දෙයක් හරිම සරළ විදිහට කරන්නේ කොහොමද කියන එක ගැන ටික්ටොක් කරන එකයි.

කබී ලේම් ඔහුගේ වීඩියෝවක් අතරතුර

ඉතින් ගොඩාක් දෙනෙකු ඔහුගේ වීඩියෝ බලලා තිබුණාට ඇත්තටම ඔහු කවුද කියලා දන්නේ නැතුව ඇති. ඔහු නමින් කබානේ ලේම් වූවත් ඔහුව ගොඩාක් අය හඳුන්වන්නේ කබී ලේම් නමින්.

2000 වසරේ මාර්තු 09 වැනිදා දකුණු අප්‍රිකාවේ සෙනගාල් හිදී. හොඳින් අධ්‍යාපන කටයුතු කරගත්ත කබී පසුව ඉතාලිය වෙත යන්නේ උසස් අධ්‍යාපනය සම්පුර්ණ කරගැනීම සඳහායි. වයස අවුරුදු 21ක් වන කබී දැන් පදිංචිව ඉන්නේ ඉතාලියේ චිවාසෝ හී ටියූරින් ප්‍රදේශයේ.

නිර්මාණශීලි වීඩියෝ නිර්මාණය කරන්නෙකු විදිහටත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙකු විදිහටත් කටයුතු කරන ලේම් ටික්ටෝක් වීඩියෝ නිර්මාණය ජනප්‍රිය වීම ආරම්භ වී තිබුණේ 2020 වසරේ මාර්තු මාසයේ සිටයි. එතැන් පටන් 2021 වසරේ මාර්තු මාසය පමණ වන විට කබී හට ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයන් මිලියන 25ක් රැස් කරගන්නට හැකියාව ලැබී තිබෙනවා, දැන් එය මිලියන 30ත් ඉක්මවා ගිහින්.

 එහෙන්ම ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිනුමෙත් අනුගාමිකයන් මිලියන 5ක් පමණ සිටින බව වාර්තා වෙනවා.

දැනට ලෝකයේ සිටින නිර්මාණශීලීම ටික්ටොක් පරිශිලකයන්ගෙන් අනුගාමිකයන් ප්‍රමාණය ගත් විට පළමු 100 දෙනාගෙන් කබීට හිමිවෙලා තිබෙන්නේ 41 වැනි තැනයි.

කබී සහ ඔහුගේ පෙම්වතිය

කබී ඉතාලියේ සුප්‍රසිද්ධ කොල්සියම අසළ සිට

Rate this item
(0 votes)