May 19, 2024

දමිළ විකට නළුවෙකුගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු අපුරු වර්ණාව

ඉන්දියාවේ අතිශයෙන් ජනප්‍රියත්වයට පත් ප්‍රහසන කලාවේදියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වූ විවේක් හෙවත් විවේකානන්දන් හෘද ආබාධයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් 17 වැනිදා සිය ජීවිතයෙන් සමුගත්තේය.

ශ්‍රී ලංකාවටද විවේක් යනු සුවිශේෂි පුද්ගලයෙකි. ඒ ඔහු විසින් මීට පෙර විදෙස් කලාකරුවෙකු විසින් කළ නොකළ තරමේ වටිනාකමක් ශ්‍රී ලංකාව පිළිබඳව එකතු කළ නිසාවෙනි.

2019 වසරේ මාර්තු මාසයේ දි මෙම අපුරු රංගධරයා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නේ විශිෂ්ට ප්‍රාඥයෙකු වූ ස්වාමි විවේකානන්දගේ ඉගැන්වීම පිළිබඳව දේශනයක් පැවැත්වීම සඳහාය. මෙම දේශනය පැවැත් වුයේ මඩකලපුවේ දීය.

එහිදී විවේක් ශ්‍රී ලංකාව ගැන කිසිවෙකුටත් අමතක කළ නොහැකි අන්දමේ කතාවක්ද සිදු කළේය.

විවේක් මඩකලපුවට පැමිණි අවස්ථාවේ ඡායාරූපයක්

එහිදී ඔහු කළේ මෙවන් කතාවකි,

“දෙවන සියවසේ සිට බලසම්පන්න සහ පාරිශුද්ධ භූමියක් තිබුණා නම් ඒ ඔබේ ශ්‍රී ලංකාවයි. ආසන්න වශයෙන් වසර තිස්පන්දහසක ඉතිහාසයක් ඇති එකම භූමියත් ඒ ඔබේ ශ්‍රී ලංකා භූමියයි…” වශයෙනි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇති වටිනා සම්පත් පිළිබඳව සිය අදහස ඔහු පවසා සිටියේය.

“ඕනෑම රටක් ගත්තොත් එක සම්පතක් තිබුණොත් තවත් සම්පතක් දකින්න ලැබෙන්නේ නැහැ. කදු පවතී නම් සාරවත් භූමි දකින්නට නැහැ. තවත් රටක ජල සම්පත තිබෙයි නමුත් ඛනිජ සම්පත නැහැ. තවත් සමහරකට සාගර සම්පත තියෙයි වෙන කිසිම දෙයක් නැති වෙයි. ඒ වගේම තවත් සමහරකට වනාන්තර සම්පත තියෙයි වෙන සම්පත් නැහැ.. නමුත් වර්ෂාපතනයද, කඳුද, ඛනිජ ලවනද, වනාන්තරද, ජලයද, මහපොළොවද, මුහුදද, යන සම්පත් සියල්ලම ආශිවාර්දය ලැබූ භූමියක් තිබෙයි නම් ඒ මේ ශ්‍රී ලංකා භූමියයි..”

ශ්‍රී ලංකාව වෙනස් විය යුතු ආකාරය ගැනද ඔහු එහිදී සිය අදහස පළ කරන්නට විවේක් අමතක නොකළේය. 

ඔහු එහිදී සඳහන් කර සිටියේ “හැම සම්පතක්ම ඉස්තරම්ව තියෙනවා. නමුත් සමගිය එකමුතුකම විතරයි අඩුවට තියෙන්නේ.. ඒ සමගිය විතරක් හදාගන්න පුළුවන් නම් ලෝකේ ඔයාලාව අභිබවා යන්න පරදවන්න කාටවත් පුළුවන් කමක් නැහැ.”

ඉන්දියාවේ බිහි වූ විශිෂ්ට නායකයෙකු වන අබ්දුල් කලාම්ගේ උසස් පරමාදර්ශයන් ද විශ්වාස කළ විවේක් යනු ස්භාවධර්මය උදෙසාද වැඩ කළ අයෙකි. 

ප්‍රහසන රංගන ශිල්පියෙකු පසුබිම් ගායකයෙකු මෙන්ම සහාය නළුවෙකු ලෙසද ඔහු රංගනය ඉදිරිපත් කළත් ඔහුගේ ජීවිතය රංගනයට පමණක් සීමා නොකට සමාජය වෙනුවෙන් කැප වී වැඩ කළ අයෙකු ලෙසද ඔහු සිය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයටද පත්ව සිටියේය.

ඔහු මඩකලපුවට පැමිණි අවස්ථාවේදී ගසක්ද රෝපණය කර ඇති අතර එය මඩකලපුව සිවනන්ධ ජාතික පාසල ජාතික පාසලේ ක්‍රීඩාගාරය අසළ අදටත් දැකගත හැකිය.

Rate this item
(1 Vote)