April 30, 2024

ජ්‍යේෂ්ඨ නිලධාරියාට දණ ගසා වඳින්න වුණේ දඩ ගහපු නිසාද? - ඇත්ත කතාව වසර ගණනකට පසු හෙළි වෙයි

විශ්‍රාමික නිලධාරියෙකු මාර්ගයේදී සිදු කල වරදකට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී එම නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය නිලධාරියාට වැඳ සමාව ගැනීමට සිදු වුනු අවස්ථාවේ ඡායාරූපයක් බව දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ සැබෑ කතාව එම ඡායාරූපය ලබාගෙන වසර ගණනකට පසුව හෙළිව තිබේ.

මෙම ඡායාරූපයේ සිටින්නේ උතුරු පළාත භාරව සිට පසුව විශ්‍රාම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා සහ වර්තමානයේ කිලිනොච්චි පොලීසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවය කරන නිශාන්ත රාජපක්ෂ මහත්වරුන්ය.

මෙලෙස එකළ උතුරු පළාත භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දණ ගසා වඳින්නේ එකළ රථ වාහන පොලිස් නිලධාරියෙකුව සිටි නිශාන්ත රාජපක්ෂ වන අතර මෙම අවස්ථාව ඡායාරූපයටද නැගුණි. 

නමුත් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ එහි සැබෑ කතාව යටපත් වී වෙනස් වූ කතාවක් සමඟ ප්‍රචාරය වීම නිසා උප පොලිස් පරික්ෂක නිශාන්ත රාජපක්ෂ මහතා විසින් එයට පිළිතුරු ලබා දී තිබුණේ මෙලෙසයි.

මීට වසර හතකට... පමන ඉහතදී ..පොලිස් සේවයේ වසර 40! ක් පමණ දීප්තිමත් රාජකාරියක් කර.. සේවයෙන් ඉතාමත් ගෞරවාන්විත ලෙස විශ්‍රාම ගත් පොලිසියේත් මහජනයාගෙත්.. ආදරයට ගෞරවයට පාත්‍රවූ  නිලධාරීයෙකි..එවකට උතුරු පළාත භාරව සිටි.. S/DIG ගාමිණී සිල්වා මහතා.. එම මහතාගේ.. විශ්‍රාම යෑම.. උතුරු පලාතටත්.. මුලු පොලිස් සේවයටත්.. ඉමහත් පාඩුවක් වූයේ ..පොඩි නිළධාරින්ගේ...ප්‍රශ්න ගැටලු සහ සුබසාධනය.. ගැන සොයා බැලූ උසස් ගතිගුණ වලින් මෙන්ම.. අතිදක්ෂ. ලෙස අපරාධ මර්ධනය කල විශිෂ්ඨ නිලධාරීයෙක් වූ නිසාමය…

එතුමා විශ්‍රාම යන දිනයේ මුලු උතුරු පලාතේ සියලුම පොලිසි වල ගොඩාක් නිලධාරීන් පැමිණ ඔහුට සමුදුන්නේ... ඉතාමත් දුක්බරවය... මා ඒබව සනාථකරන්නේ මා එතුමා ලග වසර පහක් එක දිගටම සෙවය කල නිසාවෙනි....

එතුමට අවසන් සමුදීම තිබුනේ මාන්කුලම  පොලිස් සංචාරක නිවස්නයේය..මෙම ඡායාරූපය එම ස්ථානයේදි ලබාගත් එකකි...එතුමාට සමුදීමට පැමිණ සියලුම තරාතිරමේ නිලධාරීන් එතුමාට සිංහල චාරිත්‍රානුකූලව වැද ආචාර කර සමුදුන්නේ පියෙකුට සමුදුන් ආකාරයෙන්මය...එම සමුදීමේදී ගොඩාක් නිලධාරින්ගේ ඇස් අග කදුලක් මෝදු වී තිබෙනවා මම දුටුවා…

මමද එතුමාට සිංහල චාරිත්‍රානුකූලව වැද ආචාර කලේ.. හදපිරි භක්තියෙනි...

මෙම ඡායාරූපයට කුමන අර්ථකථනයන්.. වරින්වර පේජ් වල රීච් වැඩිකර ගැනීමට විවිධාකාර .. ලෙස පලකලද.. .. සත්‍යම කතාව මෙයයි...කුමන ආකාරයෙන් මෙය වෙනස් කලද.. දීප්තිමත් නිලධාරීයෙක් ..පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීම සහ එතුමාගේ.. උසස් ගතිගුණ සිහිවෙන විට.. අදටත් එතුමා ගැන ඇතිවෙන්නේ භක්තියකි...බුදු සරණයි හැමෝටම….”

උප පොලිස් පරික්ෂක නිශාන්ත රාජපක්ෂ මෙම සටහන තබා තිබුණේ සිය ෆේස්බුක් ගිනුම තුළයි. 

එමෙන්ම මෙම ඡායාරූපයේ සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන ගාමිණි සිල්වා මහතා විශ්‍රාම ගොස් තිබුණේ  2013 වසරේ දෙසැම්බර් 03 වැනිදාය. එමෙන්ම ගාමිණි සිල්වා මහතා මෙම ඡායාරූපය පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ 2017 වසරේ දී මෙම ඡායාරූප ෆේස්බුක් සමාජ මාධ්‍යයට එක් වූ බවත් එය “වඳියි බට්ටා පොලිස්” යන සටහන සමඟ සංසරණය වූ බවත් ගාමිණි සිල්වා මහතා සඳහන් කළේය.

තමන්ගේ දරුවන්ද මෙම ඡායාරූපය දැක කලබලයට පත් වූ බවද හිටපු ජෙ.නි.පො ගාමිණි සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණු අතර නමුත් තමන් කලබල නොවූ බවද එතුමා සඳහන් කර සිටියේය. 

එමෙන්ම වත්මන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද තමන්ගෙන් මේ සම්බන්ධව විමසීමක් කළ බවත් ඔහුටද තමා සැබෑ සිදුවීම පැවසූ බවද ගාමිණි සිල්වා මහතා සඳහන් කළේය. අජිත් රෝහණ මහතා පසුව රූපවාහිනී වැඩසටහනකදී ද මෙම සිදුවීම ගැන පවසා තිබුණු බවද ඔහු සඳහන් කළේය.

Rate this item
(1 Vote)