May 03, 2024

වසර 200 ක් පමණ පැරණි භාවනායෝගියෙකුගේ මමීයක් හමු වේ

භාවනායෝගී ඉරියව්වක රදවා මමීකරණය කර තිබුණු යතිවරයෙකුගේ යැයි සැළකෙන මළ සිරුරක් මොන්ගෝලියාවෙන් හමුව තිබේ.
 
දැනට සිදුකෙරී ඇති මූලික පරීක්ෂණ වලට අනුව මෙම මළසිරුර වසර 200 ක් පමණ පැරණිය.
 
මළසිරුර සොයාගත් අවස්ථාවේ එය ගව හම් වල ඔතා ආරක්ෂා කර තිබී ඇති බව සඳහන්ය.
 
මළ සිරුර සම්බන්ධයෙන් පැතිර තිබෙන ප‍්‍රකට මතයක් වන්නේ මෙය 1852 වසරේ උපත ලැබූ ලාමා වරයෙකු වන දාෂි දොර්සෝ ඉටිගිරොව් ගේ ගුරුවරයෙකුගේ විය හැකි බවයි.
 
දාෂි දොර්සෝගේ මළ සිරුරද තවමත් ජීවමාන ස්වරූපයෙන්ම දැකගැනීමට හැකිය. සොයාගත් මෙම මළසිරුර මෙන් එයද හොදින් සංරක්ෂණයව අද දිනයේත් පවතී.
 
 
 
Rate this item
(0 votes)
Last modified on Friday, 30 January 2015 13:34