May 07, 2024

තම දරුවා අතින් මියගිය මව

December 31, 2014
ඇමෙරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයේ වයස අවුරුදු දෙකක දරුවෙකු අතින් ගිනි අවියක් පත්තුවීම හේතුවෙන් ඇගේ මව මියගොස් ඇත.මෙම කාන්තාවගේ අත්බෑගයේ තිබූ පිස්තෝලයක් දරුවා දැක ඔහු එය ඇදීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය කාන්තාව වයස අවුරුදු 29ක වෙරෝනිකා රට්ල්ඒජ් බව හඳුනාගෙන තිබේ.
 
පොලීසිය පෙන්වාදෙන පරිදි ඇය තවත් දරුවන් සමග සාප්පු සවාරියක යෙදී සිටින අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.ඇමෙරිකාව තුළ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් විශාල කතිකාවක් සිදුවන වකවානුවක මෙම අනතුරද සිදුව ඇති අතර, මීට පෙරද මෙවැනි අනතුරු රැසක් ඇමෙරිකාවෙන් වාර්තා විය.
 
Rate this item
(0 votes)